Till it happens to you

This is a true story.  The person who wrote this wishes to be anonymous.   Her story, her own experience as a lesbian going through the trauma she has been through is all too common.  By bringing this story to light we hope many of you realise you are not alone.  If you have experiences like this and want to share it with others – please do email us at equalground@gmail.com or mail us on this site.  We will keep your name out if you wish.  Your story really needs telling so use this space to tell it.

If you are suffering from Anxiety and depression due to your sexual orientation and gender identity/expression please call the only Counseling line for LGBTIQ persons in Sri Lanka.  Call us at: 011-5679766 or 011-5734530 – trained LGBTIQ counselors are on call (special line for LB women and transgenders).

Her ear shattering pitch pulls me out of my funk. I pride myself in being able to get lost inside my head but even my active imagination can’t drown out her pretentious squawking. After a few futile minutes of trying to tune her out, I give up and look up at her. Look at that mouth. Loud and obnoxious. I could just picture her face if I were to point a loaded pistol in her face and pop a cap in that fucking mouth. The blood would splatter the walls red. That ought to shut the bitch up.

-“… and then I … Hey! Nangi? What are you grinning about?”

I tilt my head to the side letting my fringe fall onto my eyes. “Nothing” I say with a shrug, the corners of my mouth stay turned up for the rest of her speech.

The conversation flows. I catch Asanka looking at me from across the table. My heart beat quickens and for a long minute it was as though we were the only ones in the crowded dining room. Cousins, aunts and uncles all melted away like cigarette smoke in the wind. I hold his gaze. My head snaps sharply and painfully to the right the minute he looks away. I crane my neck for a bit and look down at my empty plate, trying to get my hands to stop shaking.

There was a cocktail of medication to be swallowed down before ice cream. Pretending the pills were skittles usually made them go down easier. But with Sathi’s never ending squawking and the cracking of my relatives to her jokes, pretending to overdose made the pills go down faster.

Ah my dear sister Sathi. The golden child. With her big fucking mouth, entitlement and grandiose personality. Queen Sathi ruled this family. The ever so charming narcissist was our mascot, blown up and full of hot air. The perfect job, the perfect Asanka as her perfect husband, she was a winner. Her life was so sweet it could make me barf.

-“Why do you take so much medication, akka? That’s a lot of pills!”

Ah Menaka. She was the sister I was most fond of. She was much smarter and nicer than Sathi but also younger. Sarcastic but sweet, she was almost always genuinely concerned and loving.

-“Anxiety and depression.”

-“ You know you can always talk to us about anything, right? We’re here if you need to talk. But then again you don’t really have any problems do you? Nothing for you to be ‘depressed’ about!”

Almost. Almost always genuinely concerned and loving. I muffle my reply with a spoonful of ice cream.

The evening couldn’t come fast enough.

-“Oh my God you have to watch Lady Gaga’s new music video!”

‘You tell me it gets better, it gets better in time

You say I’ll pull myself together, pull it together

You’ll be fine…’

My eye twitches. The rest of them were welling up. All tears and sighs. Sathi was the loudest. Of course she was. I couldn’t help scoffing. The video credits were followed with a lot of sniffing and ‘that’s so sad’s. I shrugged. I go to get a glass of water. I find my hands shaking uncontrollably and chin tilting uncomfortably to the far right in sharp spasms.

-“Tsk! What the fuck!”

It was last Christmas when my anxiety attacks got as bad as they were now.

-“I missed you, Netty. I wish you could be here.”story

-“Me too… What are you wearing?”

-“Netanya! Are you serious? Haha…”

-“Not like that, you perv! I bought that red dress we looked up online.”

-“Oooh! … I may have borrowed your gold dress.”

-“Mila! I knew it! That’s why I- Uh I have to go. My brother in law is bringing me my drink. Bye, Love. I’ll call you later yeah?!”

The mojito was cold and refreshing. I laugh awkwardly at Asanka’s flat jokes about the rugrats running about. I start feeling tipsy. Which was very unusual for someone who was so used to hard liquor.

I caught Asanka smirking at me.

-“Tipsy already, Net?”

-“What? No! I don’t- I don’t feel that good though.”

-“Oh?! Maybe you should go to the bathroom and clean yourself up?”

I stumble up the stairs past the little brats. The cold water on my face helped but I couldn’t seem to pull myself together.

-“The fuck is going on?”

-“Netanya? You alright?”

I jump and turn around to find Asanka in the bathroom. My head spins when I try to figure out exactly when he had followed me inside.

-“I… I don’t know…” My word slur and knees wobble. He grabs me by the waist and helps me lean against the sink.

-“Yh. Rohypnol does that to you.” He says with a low chuckle. “It’s a shame your little girlfriend couldn’t make it. I could have set you both straight. But…” he moves his hand from around my neck and pushes my hair back. “…then again, since it’s just you I can take my time. We’re gonna have some fun.”

Bile rises to my throat and I jerk around helplessly. My screams come in gurgled whispers and my arms feel as though bricks were weighing them down. I whine and manage to push him off me, only to fall on the floor in a floppy useless mess. I crawl towards the door. His feet on the either side of my hips anchor me in place. My short nails scratch the tiles over and over again. Tears flow like from a bust open faucet.

Asanka pulls my head back with a fistful of my hair. His nails dig painfully into my scalp. He jerks my head about before cupping my jaw with his free hand.

-“You’re gonna thank me later, you dirty slut. I’ll give it to you good and hard. Ha! That little dyke bitch of yours isn’t gonna be able to get you off when I’m through with you.”

-“Stop! Please! Please… Don’t…”

Tears and snot run down my face. He laughs in my ear, digging his nails into my cheek. He slams my face down on to the freezing grey tiles. My chin digs painfully into my right shoulder. His rough hand holds me down by the neck but I was too roofied to move anyway. While he moved on top of me grunting wetly, the weight on my neck choked me and my chin jerked to the far right my arms flaying at my sides helplessly. Everything hurt at the same time. Gasping for breath through the tears, bile and snot I prayed that someone would walk in or if that was too much to ask for that I prayed that I would die.

Neither prayer was answered that day. He was right. I couldn’t bear Mila touching me. I broke up with her soon after with a single phone call. Asanka might have just as well have killed me there on the bathroom floor because I was like the walking dead afterwards. I was numb but my hands would suddenly shake uncontrollably and my chin would snap to the right. I couldn’t open up to anyone, so therapy didn’t help. Nobody knew what happened to me. But what really hurt… was that nobody other than Mila even seemed to notice that I wasn’t the same. When I’d go quiet I’d get a chorus of ‘pull yourself together you’ll be fine’s and ‘you’ve gotta get up and move on’s instead of a comforting shoulder to cry on. Instead of compassion I’d be bombarded with judgement and my pain is brushed off as pathetic. Cause as they say …“things could have been worse.”

The glass of water clatters against my teeth. I lock my bedroom door, pull out my phone and put my head phones on. The haunting music lulls me to sleep.

‘You tell me it gets better, it gets better in time

You say I’ll pull myself together, pull it together

You’ll be fine

Tell me what the hell do you know

What do you know

Tell me how the hell could you know

How could you know…’


“ගැහැණු වෙන්න හදන පිරිමි” – Rebuttal to this article

A rebuttal to the derogatory and erroneous article published in the Divaina newspaper on 17th July 2016. It is a shame for Upali Newspapers to associate themselves with articles as factually incorrect and reeking of bias and bigotry. We hope this rebuttal will be published by the Divaina, which would be the correct thing to do considering all citizens do have the ‘right of reply’ to any published materials that may have erroneous and hate incing materials.
The offensive article can be found on http://www.divaina.com/2016/07/17/feature21.html

Our response is as follows:
මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින අන්තර්ජාල ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව තිබේ.පොදුවේ සමසෙනෙහස් කාන්තා (Lesbian), සමසෙනෙහස් පුරුෂ (Gay), ද්වි සෙනෙහස් කාන්තා හා පුරුෂ ( Bisexual), සංක්‍රාන්ති සමාජභාවීය (Transgender), අන්තර්ලිංගික (Intersex), හා ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රශ්නභාවී (Questioning) යන්න වෙනස් ලිංගික හා ස්ත්‍රි පුරුෂ සමාජභාවීය අනන්‍යතාවක් ලෙස තේරුම්ගැනීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව මිත්‍ර විසින් ඔහුගේ ලිපිය ලිංගිකත්වය හා ලිංගික ක්‍රියාකාරකම්වල ඇති වාණිජමය මූලධර්ම මත පදනම්ව ලියා ඇති බැවිනි. එමෙන්ම එවැනි ලිවීමකදී මාධ්‍යවේදීයෙකු සතුවිය යුතු මානවවාදී ගුණය මෙන්ම මාධ්‍ය ආචාරධර්මවලට ඇති සංවේදීභාවය අමතක කර දමා ඇති බැවිණි.
නපුංසක යන පදය ඔහු විසින් බොහෝ අවස්ථාවලදී සඳහන්කර ඇති නිසා මිත්‍ර විසින් නපුංසක යන පදය සොයාගත්තේ කොහෙන්ද? ඔහු නපුංසක යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න ගැටළුවක් පවතී. එහෙක් ඔහුගේ ලිපියේදී ගැහැණුන්ට අඳින පිරිමි හා පිරිමින්ට අඳින ගැහැණු යනුවෙන් දක්වා තිබේ. මා විසින් දන්නා පරිදි පිරිමියා විසින් ගැහැණියට ඇඳීම හුදෙක් කාමලෝලී හෝ අශ්ලීල ලෙස දැකිය යුත්තක් නොව බොහෝ රටවල සංස්කෘතික හා කලාත්මක ප්‍රකාශන ලෙස විරුද්ධ ලිංගිකයන් ලෙස නිරූපණය වීම සිදුවී තිබේ. අදටද සිදුවේ, පහත රට ශාන්තිකර්ම, සළුපාලිය, සොකරි, බලි තොවිල් මෙන්ම නවගමුව පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතාද ගැහැණියට අඳී. එහිදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අප ප්‍රශ්න කරන්නේ නැත. හේතුව කලාත්මක නිර්මාණයක් ලෙස ලිංගිකත්වය ප්‍රතිනිර්මාණය කිරීමේදී වැදගත්වන්නේ කලාත්මක ප්‍රකාශනය මිස ගැහැණු පිරිමි බව නොවන නිසාය. කලාත්මක හෝ පරමාදර්ශී පදනමක් නොමැතිව පිරිමියා විසින් ගැහැණියට ඇඳීම හෝ ගැහැණිය විසින් පිරිමියාට ඇඳීම මිත්‍රට අනුව “නපුංසකවීම” වේ. පිරිමියා විසින් ගැහැණියට ඇඳීම හෝ ගැහැණිය විසින් පිරිමියාට ඇඳීම (Crossdressing) හුදෙක් මානසික ප්‍රකාශනයක් ලෙස ගත යුතු බව අන්තර්ජාතික මනෝවිද්‍යා සංගමයේ විශ්වාසයයි. පුද්ගලයන් විසින් තම මනෝභාවයන්, මානසික ප්‍රකාශන මතුපිට සමාජයට ප්‍රකාශ කිරීම නපුංසකභාවයක් නොව ඔහු හෝ ඇය විසින් පෙනී සිටීමට කැමති ලිංගරූපීභාවය ප්‍රකාශ කිරීමක් වේ. විශාදය, ක්ලමතය හෝ නියුරෝසියාවෙන් පෙළෙන්නෙකු ඔහු හෝ ඇයගේ මානසික ප්‍රකාශන ලෙස යම් ප්‍රකෝපකාරී හැසිරීමක් ප්‍රකට කිරීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගන්නා ලෙස එවැනි මානසික ආබාධයකින් පෙළෙන්නන් සමග ඇසුරුකරන්නන්ට වෛද්‍යවරුන් ලෙස අවවාද කිරීම කරනු ලැබේ. එලෙසම පුද්ගලයන්ගේ හැසිරීම් සමාජයට හෝ කිසි අයෙකුට හානියක් නොවේනම් ඒවාට අපහාසකිරීම් හෝ විවේචනය කිරීමට ප්‍රථමව එවැනි හැසිරීම්වලට හේතු මොනවාද යන්න තේරුම්ගත යුතුවේ. මාධ්‍යවේදියා සමාජ සම්ප්‍රේෂකයෙකු විය යුත්තේ කරුණු සොයාබලා සමාජයට පණිවිඩයක් ලබාදීමට මිස සමාජයට කුණුරසය ලබාදීමට නොවන බව අපගේ විශ්වාසයයි.
මිත්‍ර යුරෝපා රටකදී කළ සංචාරයේදී අයදුම්පත්‍ර පිරවීමේදී අනෙකුත් (Others) ලිංගිකයන් පිළිබඳ දැනගැනීමට ලැබී ඇත. එහෙත් ඔහු තම ලිපියේදී ඒ කවුරුන්ද යන්න සොයාබලා නිවැරැදි ලෙස වාර්තා කළේ නම් මෙම ලිපිය මගින් පාඨකයා ස්ත්‍රී හා පුරුෂ පමණක් නොව වෙනත් ලිංගිකයන්ද සිටින බවත් ඔවුන් හඳුන්වන්නේ අන්තර්ලිංගික(Intersex) යනුවෙන් බවත් තේරුම්ගැනීමට ඉඩ තිබුණි. එමෙන්ම මිත්‍ර විසින් “වෛද්‍ය විද්‍යාවට අනුව ළදරුවෙකු මවුකුසයෙන් බිහිවන්නේ පිරිමි හෝ ගැහැණු යනුවෙන් නියත එක් කුලයකට අයත්වයි” යනුවෙන් දක්වන්නේ කුමන වෛද්‍ය විද්‍යාව පිළිබඳවද යන්න පැහැදිලි කර නොමැත. මව්කුසයේදී දරුවෙකු පිරිමි හෝ ගැහැණුභාවය ලබන්නේ මිත්‍ර විසින් උලුප්පා දැක්වීමට උත්සාහ කරන ආකාරයේ සංස්කෘතිකමය හෝ සදාචාරමය ආකාරයකට නොවේ. ජීව විද්‍යාත්මකව ගැහැණියක ගැප්ගැනීමත් සමග නිර්මාණය වන කළලය ලිංගික වශයෙන් විභේදනය වන්නේ ක්‍රෝමසේම නම් ජානමය සම්භවයක් සහිත හෝමොන මගිනි. ජීව විද්‍යාව එකී ක්‍රෝමසේම අණු X හා Y යන සංකේත මගින් පැහැදිලි කරන අතර XX ආකාරයේ ක්‍රෝමසේම මගින් ගැහැණු කළලයක්ද XY ආකාරයේ ක්‍රෝමසෝම මගින් පිරිමි කළලයක්ද ගොඩනැගේ. එහෙත් 1:2000 අනුපාතයක් ලෙස XX හෝ XY ක්‍රෝමසෝම පිහිටියද ලිංගික අවයව මනාව නොපිහිටා හෝ අස්වාභාවිකව හෝ දරුවන් බිහිවිය හැකිය. පුරුෂ ශීෂ්ණය මනාව නිර්මාණය නොවීම, ශීෂ්ණය නිර්මාණය වුවද වෘෂණකෝෂ නිර්මාණය නොවීම, යෝනියක් පිහිටා යෝනි මාර්ගයක් නොපිහිටීම, යෝනි මාර්ගයක් ඇතුළෙන් පුරුෂ ශීෂ්ණයක මුල් කොටස යැයි සැලකිය හැකි ආකාරයේ යම් ගැටිත්තක් දක්නට ලැබීම යනාදී ආකාරයට අන්තර් ලිංගික දරුවන් ඉපදිය හැකිය.

මිත්‍ර විසින් ට්‍රාන්සර්ජෙන්ඩර් ලෙස සලකන සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් පිළිබඳ අදහසද ඔහු විසින් නිසි පරිශීලයක් හෝ මූලාශ්‍ර පිළිබඳ ගවේශනයකින් තොරව ලියා ඇති බව පෙනේ. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් යනු ජීව විද්‍යාත්මකව ලිංගික අවයව එක් ආකාරයටත් මනෝ විද්‍යාත්මකව ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් මෙන් හැසිරීමට කැමති ආකාරයටත් නිර්මාණය වූවන් වේ. අප විසින් හැසිරිය යුත්තේ කුමන ආකාරයට ද, අපගේ කම්පන – ප්‍රකම්පන ක්‍රියාකළ යුත්තේ කුමන ආකරයටද, චිත්තවේගීමය , හැඟීම්මය ආදී වශයෙන් අප විසින් ක්‍රියාකළ යුත්තේ ප්‍රතිචාර දැක්විය යුත්තේ කුමන ආකාරයටද යන්න අපට සංවේදනය කරනු ලබන්නේ මනස විසිනි. මනසේ ද හයිපොතැලමස යන මානසික සංවේදන ගබඩා කරන හා නිදහස් කරන ස්ථානයෙනි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ඕනෑම රටක මෙවැනි ආකාරයට ශාරීරිකව එක් ලිංගයකටත් එහෙත් ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව වෙනත් ලිංගයකටත් අයත් පුද්ගලයන් සිටිති. EQUAL GROUND ආයතනයේ උපදේශන ඒකකයට කතා කළ එක් පුද්ගලයෙක් තමා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වන බවත් තමා සංක්‍රාන්ති වීම නිසා නිවසින් එළවා දැමූ බවත්, තමාගේ පෙනුම හා හැසිරීම නිසා රැකියාවක් ලබාගැනීමට අපහසු බවත් දන්වා සිටින ලදී. එහිදී ඔහුගේ සංක්‍රාන්තිභාවය පිළිබඳ මා විසින් අසනු ලැබූ කරුණුවලින් වැදගත් යැයි දැක්විය හැකි කරුණු කිහිපයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි. මෙම පුද්ගලයා නිමල් යනුවෙන් හඳුන්වමු.
“මගේ නම නිමල්… මට මතකයි මම මොන්ටිසෝරි ගියපු පළවෙනි දවස. නිල් පාට කමීසයක් මට අන්දලා තිබුණෙ. නිල්ම නිල් පාට වතුර බෝතලේකුත් මට තිබුණා. මගේ හොඳම යාළුවා වුණේ සඳමාලී. සඳමාලි ළඟ ලස්සන රෝස පිට සමණළයා හැඩේ තියෙන බෑග් එකක් තිබුණා. සඳමාලිගේ සපත්තු දෙකේ හිටියෙත් සමණල්ලු. පොල් ගහ වගේ කොණ්ඩෙකුත් එයාට තිබුණා. මටත් ඕණ වුනා සඳමාලිගෙ වගේ බෑග් එකක්. එයාගෙ වගේ කොණ්ඩෙ වවන්න. එයාට වගේ වළලු දාන්න. එත් අපේ අම්මගෙන් ඉල්ලුවාම එයා මට බැන්නා. උඹ පිරිමි ළමයෙක් කියලා. මට සෙල්ලම් කරන්න ලැබුණෙ තුවක්කු, බෝල බැට්. ඒත් මට ඕන වුණේ බෝනික්කෝ. මම ඒවා ඉල්ලුවත් මට ගෙදරින් ඒවා ලැබුණෙ නෑ. මම සෙල්ලම් කළේ ගෑණු ළමයි එක්ක. මට ඔන් වුණේ සෙල්ලම් ගෙදර අම්මව වෙන්න. එත් හැමදාම මට තාත්තා වෙන්න කියලයි එයාල කියන්නෙ. එහා ගෙදර දෝණි තමයි හැමදාම අම්ම වෙන්නෙ. ඒ නිසා මට දෝණිව පේන්න බෑ.
නිමල් තම සංකාන්තික අදහස් දැක්වීමේදී අනුගමනය කළ ආනුභවික ක්‍රමවේදයත් මිත්‍ර විසින් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් තේරුම් කිරීමට අනුගමනය කළ පුරුෂෝත්තමවාදී ස්වයංගෝචර ක්‍රමයත් අතර අප දකින වෙනස නම් පුද්ගලයාගේ මානසිකත්වය හා ඔවුන්ගේ මනෝභාවයන් අතර ඇතිවිය හැකි ගැඹුරු සංකීර්ණතා තේරුම්ගැනීමේදී මිත්‍ර නම් මාධ්‍යවේදීයාට වඩා මිත්‍ර නම් පුරුෂ මූලික මානවයා ඉදිරියෙන් සිටින බවයි. එහිදී අප විසින් තේරුම් කළ යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව යනු උපන් ළදරුවා රෝස පාට ගවුමෙන් නිල් පිට ගවුමෙන් වෙන් කරන, බෝනික්කාගෙන් තුවක්කුවෙන් වෙන්කරන ක්‍රමයට වඩා වෙනස් එකක් බවයි. අප රට තුළ වෛද්‍යවරුන්, ආණ්ඩුකාරවරියන් ලෙස සමාජ ප්‍රගමණයට දායකත්වය සපයන අයද සංක්‍රාන්ති සමාජභාවීය අයවළුන් අතර සිටින බවයි. බුදුන්වහන්සේ වරෙක පැහැදිලි කරන ආකාරයට වඩා වැදගත්වන්නේ පුද්ගලයා කරන්නෙ මොනවාද?, ඔවුන්ට එසේ වූයේ ඇයිද යන්න සෙවීම නොවේ. මනුෂ්‍යෙයකු ලෙසින් උපත ලබා අප විසින් අප වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් කරන්නේ මොනවාද යන්නයි. කිසියම් පුද්ගලයෙකු වැරදි ශරීරයක උපත ලැබීම නින්දාවට භාජනය කිරීමක් හෝ අපවාදයට ලක්කිරීමට හේතුවක් නොවන බවත් එම පුද්ගලයා සමාජයීය පුද්ගලයෙකු බවට පත්කිරීමට අප විසින් කළ යුත්තේ කළ හැක්කේ කුමක්ද යන්න සමාජයට පණිවිඩයක් ලෙස ලබාදීම මාධ්‍යෙව්දීයෙකුගේ වගකීම විය යුතුය.
සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් හෝ සමසෙනෙහස් පුද්ගලයන් ලිංගික ශ්‍රමය සපයන අය හා ඔවුන් සමාජය නැමැති ජීවියා ව්‍යාධියට පත්කරන බව පැවසීමට මිත්‍ර විසින් ගන්නා උත්සාහය මෙන්ම නාවිකයන්, වයෝවෘද්ධ සල්ලාලයන් කාමාතුරයන් කිරීමට ගන්නා උත්සාහයද ඔහු නියෝජනය කරන පුරුෂෝත්තමවාදී සංස්කෘතික රාමුව පිළිබඳ අදහස යලි යලි සනාථ කරයි. තායිලන්තයේ පතායා වෙරළ තීරයේ සුන්දර ලලනාවන් සොයාගොස් අසරණ වූ පිරිමින්ගේ කකියන වේදනාව මිත්‍රගේ ලිපියෙන් සුසුම්ලනු දැකිය හැකිය. නාරි විශේෂඥවරුන්ට පවා හඳුනාගත නොහැකි තරමේ සිහින් පුළුලුකුල් ඇති, ගමන ඇති, රූ ලීලාව ඇති සංක්‍රාන්ති සමාජභාවීය ගැහැණුන්ගේ ආකර්ණෂයට හසුවන, රැවටෙන, හෝටල් කාමරයේදී සත්‍ය තේරුම්ගන්නා පුරුෂයන් පිළිබඳ මිත්‍ර තුළ ඇති වේදනාව ඔහුගේ වේදනාව නොවේ. සළු නොඇඳ බොළට දක්වා, සිනා නොමසෙන් දසන් දක්වා යනුවෙන් ගැහැණියට තර්ජනය කළ, හිර කළ ලිංගිකමය වශයෙන් උමතුවූ පුරුෂ මූලික මනෝභාවය පැහැදිලි කරයි. අඩුම තරමේ ඔහුගේ ලිපිය සුජාත කිරීමට යොදාගන්නා වෛද්‍ය අනිල් සමරනායක හෝ රොහාන්ත පෙරියප්පෙරුම මහතුන් විසින් දැක්වූ අදහස් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය 1990 වසරේදී ඉදිරිපත් කළ අදහස් හා නිර්දේශ, අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය 1973 දී කළ නිර්දේශ පරිශීලනය කළේ නම් මෙම ලිපිය වැදගත් ලිපියක් බවට පත් කරගැනීමට ඉඩ තිබුණි. ඉතින් මිත්‍ර අපි දැන්වත් මිත්‍ර වෙමු.

තුෂාර මනෝජ්


පාසල ඉගෙන ගන්නා තැනක්ද? වධ දෙන තැනක්ද?

මෙය සත්‍ය කතාවකි. මෙය ලියූ තැනැත්තිය සිය නම හෙළි නොකරන්නීය. කොළඹ ප‍්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙන ගත් ඇගේ කතාන්දරය, ඇගේ අත්දැකීම අතිශය සත්‍යවාදී බවින් යුතුය. බලපෑම්සහගත ය. ඔබටත් මෙවැනි අත්දැකීම් තිබේ නම් සහ ඒවා අනෙක් අය සමග බෙදාහදා ගැනීමට කැමති නම් equalground@gmail.comහෝ මෙම බ්ලොග් අඩවිය වෙත ඊමේල්  කරන්න. ඔබට අවශ්‍ය නම් ඔබේ නම හෙළි නොකර සිටින්නට පුළුවන. නමුත් ඔබේ කතාන්දරය කිව යුතුම එකක් යැයි ඔබට සිතෙයි නම් මේ ඉඩ ඒ සඳහා භාවිතා කරන්න ඔබට පුළුවන්.

දරුවකුගේ වර්ධනයට පදනම සකස් වන්නේ පාසලෙනි. අප අපගේ ළමා කාලයෙන් සහ නව යොවුන් වියෙන් වැඩි කොටස ගත කරන්නේ පාසලේ ය. ගුරුවර ගුරුවරියන් සහ පාසල් මිතුරු මිතුරියන් පිරිවරාගෙන ය. බෞද්ධ කාන්තා විදුහලක නීති රීති මුදුමොළොක් ඒවා නොවේ. ඒවා අතිශයින්ම දැඩි නිල ඇඳුම් නීතිවල සිට හිංසාකාරී විය හැකි තරමට බරපතළ විනය නීති දක්වා විශාල පරාසයකට අයත් වේ. හෝමෝෆෝබියාව සහ ට‍්‍රාන්ස්ෆෝබියාව ද ඒ අතර තිබේ. මෙවැනි අතිශය ස්ත‍්‍රී පුරුෂ භාවී, ජාතිවාදී, පන්තිවාදී සහ වින්දිතයා හටම දොස් පවරන වාතාවරණයක් තුළ සිටින්නන් LGBTIQ හෙවත් සමසෙනෙහස් ස්ත‍්‍රී, සමසෙනෙහස් පුරුෂ, ද්වී සෙනෙහස්, විෂම සෙනෙහස් සහ සිය ලිංගික අනන්‍යතාවය ප‍්‍රශ්නකාරී වූ ප‍්‍රජාවේ විරෝධීන් වීම පුදුමයක් නොවේ. අපේ පාසල්වල ලිංගික අධ්‍යාපනයේ විශාල අඩුවක් පවතින අතර LGBT පිළිබඳ අධ්‍යාපනයක් නම් ඇත්තේම නැත. සෙක්ස් හෙවත් ලිංගිකත්වය, සාකච්ඡුා කළ නොහැකි කි‍්‍රයාවක් විය. ඒ ගැන කතා බස් කරන්නේ අශ්ශීල, ‘වල්’ හෝ ලිංගිකත්වය ගැන කිසිදු වගවිභාගයක් නැති අයයි. අපට ඒ ගැන කියා දී තිබුණේ එපමණයි. තවද ඔවුන්ට අනුව අප දැනගත වූයේත් එපමණයි.
බුදු දහමේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන ලෙසත් ලැජ්ජාශීලී සහ විනීත ගැහැනු ළමුන් වන ලෙසත් අපට පැවසුණේය. සිංහල බෞද්ධ කාන්තාවන් වශයෙන් අපේ අරමුණ වූයේ හොඳ මව්වරුන් වීම සහ, ඉතාම වැදගත් දෙය වන වැදගත්-විනීත භාර්යාවන් වීමයි. සතිපතා උදෑසන ධර්ම දේශනාවේදී බෞද්ධ හිමිවරුන් අපව දරුවන් හැදීම සඳහා දිරිමත් කළේ ශ‍්‍රී ලංකාවේ බහුතර ජාතිය ලෙස අපේ ජාතිය පවත්වාගැනීම, සිංහල බෞද්ධ කාන්තාවන් වශයෙන් අපේ වගකීම වූ නිසා ය. ගුරුවරියන් මේවාට ‘හ්ම්’ කියාවත් විරෝධයක් පළ කළේ නැත. අප‍්‍රසන්න කුහකකම ඇස්පනාපිට දකින පවුලකට අයත් වී, ආගමේ නාමයෙන් ඉවසා සිටීන සහ තමන්ගේ යහපත ගැන පමණ ඉක්මවා සිතීම පුරුදු කළ අධ්‍යාපන ආයතනය විසින් ආගම පිළිබඳ මට තිබූ විශ්වාසය පමණක් නොව යුක්තිය පිළිබඳ මට තිබූ විශ්වාසය ද සොරකම් කෙරිණි. සමකාමය පිළිබඳ මවා තිබුණේ කුඩා දරුවන් සමග සංසර්ගයේ යෙදීම හෝ මළමිනී සමග සංසර්ගයේ යෙදීම තරමට තුච්ඡු සහ නින්දිත පවක් ලෙසය. කෙල්ලන් වශයෙන් අපට විවාහයට පෙර පවත්වන ලිංගික සබඳතා පිළිබඳ කියා තිබුණේ එසේ කිරීමෙන් අප ‘වේසියන්’ බවට පත්වන බව ය. තවද අප සැමියාගේ හැර වෙනත් කිසිවෙකුගේ  ඕනෑ එපාකම් පිරිමැසිය නොයුතුය. අපගේ ලිංගිකත්වයන් මර්දනය කිරීමේදී ගුරුවරියෝ අපහසුකාරී තරමට දුරදිග ගියහ. සිසුවියන් අතර සමරිසි ස්ත‍්‍රීන් ගැන කොඳුරමින් කතා බස් කෙරුණු අතර අමාරුවෙන් හුස්ම ඇල්ලීම, මැරෙන්නට මෙන් දැ`ගලීම සහ මෝඩ ලෙස සිනහවීම ඒ සාකච්ඡුාවලින් පසු අනිවාර්යයෙන් දැකගත හැකි විය. එය  ඕපාදුප සඳහා රසවත් මාතෘකාවක් විය. ‘ලෙස්බියන්’ යන වචනය පවා අපේ පාසලේ දැරියකට ලද හැකි ඉතාමත්ම භයානකම නිග‍්‍රහය විය. ඒ බවට පිරිසක් ඉදිරියේ වචනයක් හෝ කියැවුණොත් එයින් වන නින්දාව කිසිදා යථා තත්වයට පත් කළ නොහැකි විය. ඔබ සමරිසි ස්ත‍්‍රියක බවට  ඕපාදූපයක් පැතිරුණහොත් එය ඔබට අවසැලකීම් කිරීම සඳහා ගුරුවරියන්ට හොඳටම සෑහෙයි. පාඩමක් අතරමගදී ඔබට ඇණුම්පද කියන්නටත් උපදෙස් කතා පවත්වන්නටත් ඔවුන්ට එය හොඳටම සෑහෙයි. මෙවිට ඔබ ඔබ වැනි අය විසින් නිර්දය ලෙස හිංසාවට පත්වේ. එසේත් නැතිනම් නරකම දෙය වන ඔවුන් විසින් ඔබ ව පිටුදැකීම සිදුවේ. ඇත්ත හෝ නැත්ත හෝ වේවා, සමරිසි ස්ත‍්‍රියක වීමේ නරක නාමය ඔබ පාසලෙන් අස්වන තෙක්ම ඔබ පසුපස හොල්මන් කරන්නට පටන් ගනියි. එය ඔබට වෙනස් කළ නොහැකි දෙයකි.
වරක් 11 ශ්‍රේණියේ ගැහැනු ළමුන් දෙදෙනෙක් ‘නුසුදුසු දේවල්’ කෙටි පණිවුඩ මගින් යවාගනිමින් සිටියදී හසුවිය. ඒවායේ කිසිදු කාමුක දෙයක් තිබුණේ නැත. ඒවායේ තිබුණේ ඔවුන්ගේ ආදරය පිළිබඳ අහිංසක ප‍්‍රකාශනයන් ය. නමුත් වහාම ඔවුන් දෙදෙනා පාසල තුළ වෙන් කෙරුණු අතර දෙමාපියන් ගෙන්වා ඔවුන් ව වෙන් කරන ලෙසට උපදෙස් ද ලබාදීම සිදුවිය. මේ අතර ඔවුන්ට පැය ගණනක් තිස්සේ ඔවුන්ගේ ගුරුවරියන්ගේ දරුණු සහ බරපතළ උපදෙස්වලට සවන් දෙන්නට ද සිදුවිය. පාසලේ ප‍්‍රධාන සිසු සම්බන්ධීකාරකවරිය අපේ පාසලේ උසස් පෙළ කලා අංශයේ පන්ති තුනටම මේ සිසුවියන් දෙදෙනා ගැන කතාව කීවේ ‘කෙල්ලන්ට පිස්සු වැටී සිටින’ තවත් කෙල්ලන් සිටියි නම් ඔවුන්ට කරන  අනතුරු ඇ`ගවීමක් ලෙසය. ඔවුන්ට අනුව ද්වීලිංගිකත්වය මිත්‍යාවකි. එහෙම දෙයක් ලෝකයේ නැත. ලිංගික අත්හදාබැලීම් යනු අතිශයින්ම අසභ්‍ය ඒවා වේ. ඒ නිසා මට මේ කාලයේ කිසිදිනෙක ද්වීලිංගිකත්වය පිළිබඳ නිසි වැටහීමක් ලැබුණේ නැත. මා සමරිසි ස්ත‍්‍රියක යැයි මම උපකල්පනය කළෙමි. මා විෂමරිසි හෙවත් විෂම ලිංගික අයෙක් නොවන බව මා වටහාගත්තේ පාසලේ නව වැනි පන්තියේ සිටියදී ය. කෙසේ නමුත් එයින් වසර ගණනක් යන තෙක් එයින් අදහස් වන දෙය මම නොදැන සිටියෙමි. සම සෙනෙහස් පුරුෂ හෝ සංක‍්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ විසුළු කතා ඉවසා සිටීම මට වේදනාකාරී මෙන්ම නිග‍්‍රහය දනවනසුලූ අත්දැකීමක් විය. ඔබ සමසෙනෙහස් ස්ත‍්‍රියක බවට යන්තමින් හෝ  ඕපාදූපයක් පැතිරුණහොත්, ඔබේ දෙමාපියන් පාසලේ විදුහල්පති කාමරයට කැඳවා ඔබේ අනගාතය පිළිබඳ බරපතළ සාකච්ඡුාවක් කිරීමට තරම් එය ප‍්‍රමාණවත් හේතුවකි. තවද ඔබේ පංති ද තහනම් විය හැකිය. යම්කිසි ‘අශ්ශීල කම’ ක් ගැන ලියුම්, කෙටි පණිවුඩ හෝ අයෝග්‍ය හැසිිරීමක් වැනි යම්කිසි ‘සාක්ෂියක්’ ලැබුණාහොත් එය නිසැක වශයෙන්ම දීර්ඝ කාලීන පන්ති තහනමකට හෝ පාසලෙන් නෙරපා හැරීමට පදනම සපයනු ඇත.
මා පාසලේ ඉගෙනගත් අවසන් අවුරුද්ද වූයේ 2015 වසරයි. ලෙස්බියන් කෙනෙක් යැයි  ඕපාදූප පැතිරී තිබූ, මා දන්නා තරමින් ආදරණීය, මට වඩා එක අවුරුද්දක් පහළ පන්තියක ඉගෙන ගත් දැරියක් සිටියාය. ඇය සහ ඇගේ පෙම්වතිය, ගුරුවරියක් සහ ශිෂ්‍ය නායිකාවක් විසින් අල්ලාගෙන තිබූ අතර, ඔවුන් දෙදෙනොම තරයේ කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන අතර එය කොහෙත්ම නුසුදුසු බව සහ නින්දාසසහගත බවයි. එදින සැබවින්ම කුමක් සිදුවූවාදැයි සැබවින්ම දැන සිටියේ ඔවුන් සිව්දෙනා පමණක් වුවත්, අනුමාන කල්පනා හාත්පස පැතිරීම වළක්වන්නට පුළුවන් වුණේ නැත. මේ අසරණ දැරියන් දෙදෙනා කොහේ ගියත් ඇස් ලොකු කර බැලීම්, කෙණහිළි කම් සහ උපහාසාත්මක කෙඳිරීම් ඇසිණි. ද්වී ලිංගිකත්වය විය නොහැකි දෙයක් ලෙස සැලකූණු නිසා ඔවුන්ගේ කීර්තිය නැත්තටම නැති විය. තුන් වතාවකට වඩා කතා බස් කර නැති වුණත් මේ දැරිය රැුක ගැනීම සඳහා යටපත් කර ගත් ආශාවක් මගේ සිතේ විය. කොරිඩෝවේදී හමුවූ විට ඇය ත් මම ත් එකිනෙකා සමග මද සිනා පා එකිනෙකාට අත් වැනුවෙමු. වරක් පන්තියේ කෙනෙක් සමග යද්දී ඇය මුණ ගැසුණු විට ද මම ඒ අන්දමටම ඇයට අත වැනුවෙමි. ඒ දුටු මගේ මිතුරිය බය භූත වී මා දෙස හැරී මෙසේ ඇසුවාය. ‘‘ඔයා දන්නව නේද, එයා ලෙස්බියන්..හරිද?’ මම මහත් කම්පනයෙන් යුතුව හැරී බැලූවේ ඇය එය නෑසෙන්නට එතැනින් ගොස් තිබුණා ද යන්න දැනගැනීමට ය. ‘ඉතිං?’ යනුවෙන් මම ඇද පැද – දරුණු ලෙස ඇසුවෙමි. එම ස්වරය මට පුදුමයක් නොවුණේ ගුරුවරියන් නැති සාහිත්‍ය කාලපරිච්ෙඡ්ද වලදීත් සමානාත්මතාවය ගැන කතාබස් කරන විට මා එම ස්වරය සහ වදන භාවිතා කර තිබූ නිසාය. එවැනි අවස්ථාවලද එක හ`ඩින් ‘ඔව්’ යැයි පවසමින් සහ මුග්ධ කමේ අසහනයෙන් කුපිත වූ සුසුම් හෙළමින් ඔවුන් මා සමග එක`ග වන අන්දම දැක මට කිසිදා පුදුම නොවී සිටින්නට බැරි විය. තදබදය පිරුණු දූවිලි වැකුණු කාමරයෙන් එළියේ සිටියත් ඔවුහු තවමත්, ඔවුන් විසින් තදබල ලෙස විවේචනය කරන මිනිසුන් තරමටම අමන, මුද්ධ සහ නපුරු අය වූහ. හෝමෝෆෝබියාව සහ ට‍්‍රාන්ස්ෆෝබියාව ඔවුන් වැඩුණු ගැහැනුන් වූ පසු ද ඔවුන් තුළ එකිනෙකට අතිශයින්ම සම්මිශ‍්‍රණය වී තිබේ. ද්වීලිංගික මිතුරියන්ගේ වසංකළ සුසුම් හෝ ඔස්කාර් සම්මාන දිනූ චිත‍්‍රපට හෝ ලස්සන ඛේදාන්ත කතා පොත් හෝ සිය ඛඨඊඔ  දරුවාගේ ඇයදීම්වලට ඔවුන් සමාව දිය හැකි යැයි හෝ ඔවුන් සිතන ක‍්‍රමය වෙනස් කළ හැකි යැයි සිතන්නට නුුපුළුවන.
ජීවිතයක නව යොවුන් විය වෙන් වන්නේ ‘‘තමන්ව සොයාගැනීම’’ සඳහා ය. කලාව සඳහා වූ අභිරුචිය නිසි ලෙස වර්ධනය කර ගැනීමට, ජීවිතයේ වඩාත්ම කැමති දෙය සහ අරමුණ කුමක්දැයි හඳුනාගැනීමට සහ පෞරුෂය නිසි ලෙස වර්ධනය කර ගැනීමට පදනම වැටෙන්නේ එවිට ය. යමෙකුගේ ලිංගික දිශානතිය හෙවත් ලිංගික නැඹුරුතාවය සහ ලිංගික අනන්‍යතාවය, එම තැනැත්තා කවුරුන්ද යන්න තීරණය කිරීමේදී ඉතා විශාල සාධකයකි. වයස අවුරුදු 20 දී පවා අප කවුදැයි සොයාගැනීම සඳහා ලිංගිකත්වය පිළිබඳ පරිබාහිර දෙයක් සිතීම මෙන්ම ලිංගික නැඹුරුතාවය හෝ ලිංගික අනන්‍යතාවය පිළිබඳ සිතීමට දිරිමත් කෙරුණේ නැත. නමුත් හෝමෝ ෆෝබියාව, ට‍්‍රාන්ස්ෆෝබියාව සහ අනෙකාව ඉවසිය නොහැකි කම මනා ලෙස පුරුදු වී තිබූ අතර, එය මිනිසුන් වශයෙන් අප කවුද යන්න තුළ අන්තර්ගත කොටසක් බවට ද පත්ව තිිබිණි. මෙසේ අභ්‍යන්තරීකරණය වූ හෝමෝෆෝබියාව පසුකලෙක නොමනාපය, ප‍්‍රතිවිරෝධය, අවපීඩනය, කාංසාව සහ සිය කැමැත්තෙන් හුදෙකලාවීම දක්වා වර්ධනය වෙයි. මවිසින් මාවම ද්වීලිංගිකයෙකු වශයෙන් ලේබල් කරගෙන තිබීම ගැන මට සැහැල්ලූවක් දැනුණේ මා පාසලෙන් අස් වී මද කලකට පසුව ය.
අපට වෙනස් වන්නට පුළුවන් බව මගේ මව කියන්නීය. අප ට කුමක් උගන්වා තිබුණත් අපට වෙනස්වීම තෝරාගන්නට පුළුවන. නමුත් නිවසේ පදනමේ ම කුහර සෑදී තිබේ නම් නිවස එම පදනම මත දරා සිටින්නේ කොහොමද? තදබල කාංසාව, විශාදය, තමන් පිළිබඳ අඩු ආත්මාභිමානය, අධිකාරීන් වෙත දක්වන නුරුස්නාසුලූ අමනාපය, අත්හැරගත නොහැකි පරිදි බොරුකීම, තමන්ටම හිංසා කර ගැනීම සහ ආහාර පුරුදුවල ගැටලූවක් පාසලට ස්තූති වන්නට මට ලැබුණු තෑගි අතර වේ. අධ්‍යාපනය සපයන්නන් විසින් සිදුකරන කෲර මර්දනය එයට බොහෝ දුරකට හේතු වන්නට ඇත. මේ දැන් පවා පාසල මගේ සිතේ නපුරු ලෙස හොල්මන් කරයි. සිත තුළ මා රුවාගෙන සිටින හෙවත් අභ්‍යන්තරීකරණය කරගත් හෝමෝෆෝබියාව සහ බයිෆෝබියාව නිසා තවමත් මම ලැජ්ජාවටත් බියටත් පත් වන්නෙමි. එය මට මා වසංකරගෙන සිටීමට පොළඹවයි. මේ නිසා මම මගේ හෝමෝෆෝබියා ඥාතීන් සමග දබර වන්නෙමි. මා කවුද යන්නේ වැඩි බර, මේ ස්වභාවය නිසා මගේ මවගෙන් මම වසං කරන්නෙමි. එසේ කිරීම මගින් ඇත්තෙන්ම මා කවුද යන රහසේ බරෙන් ඇයව ගළවා ගැනීමට මට නොහැකි වී තිබේ. ඔබ කවුද යන්නේ පදනම විසකුරු නම් එයින් ඔබට පළා යා නොහැකිය. එම පදනම විසින් ඉක්මනින් හෝ ප‍්‍රමාද වී හෝ ඔබ වෙත විෂ ඇතුල් කරයි. එය ඔබේ ඇතුළාන්තයට මළකඩ කන්නට සලස්වයි. ඔබ ජීවත් වන හැම දිනයක්ම මරා දමයි. මේ වධහිංසාව අවසන් වන මිනිත්තුවේදී ඔබ වසර ගණනක් තිස්සේ පැවති සිරභාරයෙන් මිදෙයි. ඉන්පසු එක්කෝ ඔබ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට ගොදුරු වනු ඇත. එසේත් නැතිනම් මා මෙන්, එයින් ඔබ මත ශේෂ වූ හැම බලපෑමකම-හැම ලකුණක්ම ඉවත් කර ගන්නට වෙර දරමින් ඔබ ඔබවම පහුරු ගා ගනු ඇත. අපමණ සිරුර විදගැනීම්, පච්චා (ටැටූ) කොටාගැනීම් හෝ මුක්තිය ලැබීමේ විප්ලවකාරී ප‍්‍රකාශනවල, ඔබ ට කියා ඇති-වරක් ඔබ ද විශ්වාස කළ සහ දැන් ඔබට ආවේණික වී තිබෙන ඔවුන්ගේ පටු අගතීන් නැති කිරීමට නොහැකි වනු ඇත.
විශාදය, කාංසාව, ඉගෙන ගැනීමේ දුෂ්කරතා, කෑම ගැනීමේ ගැටලූ සහ ද්වීලිංගිකත්වය සැබෑවන් ලෙස සැලකුණේ නැත. ඒවා සැලකුණේ බටහිර ලෝකය සිහිනෙන් දකින, පිටසක්වළ ට අයත් කම්මැලි හෝ අශ්ශීල සංකල්ප ලෙසය. ඒවා අපේ සංස්කෘතියේ කොටස් නොවන අතර එමනිසා ඒවාට පැවැත්මක් නැතැයි සැලකිණි. ගැටලූව වූයේ මේ සියලූ දෙය මට තිබීම සහ ඒ සියලූ දෙයම, මා වීමයි. ද්වීලිංගිකත්වය පවක් සහ අස්වාභාවික දෙයක් යැයි කියා දී තිබීම නිසා වසර ගණනාවක් මුළුල්ලේ මා විඳි වේදනාවන් ගුරුවරියන්ට හෝ මව්වරුන්ට කිසිිවිටෙක අදාළ වූයේ හෝ දැනුණේ නැත. මගේ ගුරුවරුන්, දෙමාපියන්, ඥාති සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් සහ ඥාතීන් විසින් මේ තත්වයෙන් මිදෙන්නැයි නැවත නැවතත් කියාපෑම තුළින් මා තුළ දැන් එය පැළපදියම් වී තිබේ. දැන් ඔවුන් සියලූ දෙනාම මට චෝදනා කරන්නේ මා ඇල් මැරුණු-උදාසීන අයෙක් සහ හුදෙකලා කෙනෙක් බවට පත්වී ඇති බව කියමිනි. මගේ ප‍්‍රශ්න ගැන කතාබස් කරන විට මම ‘වදකාර’ හෝ ‘ආත්මාර්ථකාමී’ අයෙක් බවට පත්වන්නෙමි. එම ප‍්‍රශ්න කිසිවෙකුට නොකියා මටම සීමාකරගෙන සිටින විට මම ‘තරහගන්නා’, ‘හුදෙකලා’ සහ ‘ඇල්මැරුණු’ කෙනෙක් බවට පත්වන්නෙමි. හොඳ හැටි ගුටි කෑවා නම් හොඳ යැයි කියා සමහර වේලාවට මට සිතේ. එවිට නිල්පාට වූ තැලූමක, තැළී කළු වූ ඇසක, සුවවෙන තුවාළ කැළැලක, පැලූණු තොලක ඡුායාරූපයක්  හෝ පතුරක් ගිය දතක් නිසා කරන ගොතගැසීමක් මට ඉතිරිවනු ඇත. එවැනි දෙයක් සමාජය විසින් මා ඇද දැමූ නිරයේ තරම ගැන සාක්ෂියක් වනු ඇත. එවිට නොනැසී ඉතිරි වූ කෙනෙක් වශයෙන්, ඒ එක් එක් ඡුායාරූපයක තිබෙන එක් එක් කැළල වෙත ඇ`ගිල්ල දිගුකර ඒ එක එකක ලේ වැකුණු උපත ගැන පවසන්නට පුළුවන. නමුත් ඒ වෙනුවට මට අද ශේෂ වී තිබෙන්නේ භාවමය ඔලොගුවකි. චිත්තවේගයන්ගෙන් පිරුණු මහා බරකි. එය නොවැදගත්, අමිහිරි කෙනෙක් වීමේ හෝ වැදගැම්මකට ඇති කෙනෙක් නොවීමේ වේදනාවෙන් උරහිස් හකුළුවා දමයි. මම මගේ ක‍්‍රමයට ජීවත් වන්නේ කෙසේදැයි නිරන්තරයෙන් මිනිසුන්ට පහදා දෙන්නටත් ඒ ගැන ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින්නටත් මට සිදු වී තිබේ. නමුත් මාගේ ආත්මය බිඳ දැමීම ගැන ඒ එකෙක්වත් කිසිදා මගෙන් සමාව ඉල්ලා නැත. එය කිසිදිනෙක සිදුනොවන බව ද මම දනිමි. ශිෂ්‍යයන්ගේ මානසික යහපැවැත්ම ගුරුවරුන්ට මහ දෙයක් නොවේ. ඔවුන් විසින්, අසංවේදී සහ පටු මනස් ඇති වැඩිහිටි පරම්පරා නැවත නැවතතත් බිහි කරමින් සිටීම ද පුදුමයක් ද නොවේ.

What does our culture mean?

Piyadarshani de Silva gives her take on the recent attacks by Sinhala Buddhist nationalists who, apart from other slanderous accusations, maintain that Homosexuality is destroying our culture and is a Western Import.  Sinhala Text follows this article.


I express my sincere gratitude to EQUAL GROUND for your social work amidst of all threats and insults, with unshaken enthusiasm. Recent Facebook post posted on EQUAL GROUND Facebook page looking unshakably at those who spread misconceptions and hatred hoping to stop EQUAL GROUND’s good work, is praiseworthy. It is a valuable attempt in showing selflessness and peacefulness embedded in EQUAL GROUND’s work.

I’m writing this in order to converse about the accusations that have been made on social media sites stating that the work of EQUAL GROUND is destroying the civility and culture of our country.

It is obvious to anyone who wishes to think wisely that some groups are attempting to create unnecessary conflicts in the name of culture and civility in order to fulfill their narrow personal expectations. It is indeed unfortunate that they are trying to convert personal opinions of a few to a social standpoint. Such individuals and/or groups are unable to understand that trying to spread hateful beliefs don’t do any good to neither their mindsets nor people, regardless of what their intention is.

I strongly believe that trying to protect the culture of a country has nothing to do with destroying the lives or right to life of a section of the citizens. Especially in our culture, there is no space for such actions. Major reason for that, as I see, is that our culture is highly nurtured by Buddhism.  In Buddhism, there is no space for such hateful ideologies at all. It is neither advisable nor appropriate to let a handful of persons who haven’t understood this fact, to spread hatred against lesbian, gay, bisexual, transgender/ transsexual, intersex and questioning persons. I am writing this as a person who firmly believes that spreading hate through social media may destroy nothing but humanity and humane ethics. There are a plenty of incidents that shows how the culture is destroyed in actuality.  If though through those incidents, it would clearly show that reason for the decaying of culture is nothing but people who chase selfish expectations throwing behind kindness and love – to actually protect our culture, we must not spread hate but establish love in the society. That would be the best way which will automatically protect culture, country, society and human rights. LGBTIQ persons only demands the opportunity to live in peace and dignity and to express loving kindness towards them. Nevertheless, we can find as many instances as we need from our history that prove Buddhists, from birth, are filled with kind, peaceful and humane qualities. Some so called Buddhists, in present, have forgotten these fundamental qualities of Sinhala Buddhists for individual-centered benefits.

Moreover, the wise would understand that a person’s sexual orientation and/ or gender identity is merely a personal thing and is not a weakness or a short coming. They just want to live their lives just like all others. Nobody is capable of changing the nature of the life they had from birth. Like every other person they also are people who like to live without bothering to anyone in the society. No person can change the way they were born – taking that very same fact as a reason, no culture motivates us to discriminate, mislabel, ridicule and fill others’ lives with tears. Although they are of many and various sexual orientations, they still are normal human beings living with us in a one country which makes tells us that they too have the same right in our culture just like everyone else. So on what ground should we separate fellow LGBTIQ persons from our culture? I find it confusing why they don’t belong to our culture. A country and a culture is not a property of few but of many and all living in the country.


We, as Buddhists, should treat each and every one with equal love and compassion. It is my belief that even in other religions and races, equal treatment towards everyone is accepted. A lot of people in our society tend to forget about love and compassion in order to gain their personal needs by any means. That is why LGBTIQ persons are discriminated and we need organizations dedicated to protect their rights. If they were allowed to live peacefully and happily, we wouldn’t want such organizations. By writing this, I hope to support the good work you do.

-Priyadharshani Silva, 17.6.2016-


වරින් වර EQUAL GROUND ආයතනය වෙත එල්ල වන ගැරහුම්, තර්ජන මධ්‍යයේ EQUAL GROUND ආයතනය විසින් නොසැලෙන ධෛර්යකින් යුතුව ඉටු කරන සමාජ මෙහෙවර පිළිබඳව නැවතත් මගේ ස්තූතිය පිරිනමමි. ආසන්න දිනක දී EQUAL GROUND ආයතනය, තම ෆේස් බුක් පිටුව මත තබා තිබූ සටහන සැබැවින්ම අගය කළ යුත්තකි. එනම් එම ආයතනය මගින් කරන සමාජ මෙහෙවර අවබෝධ කර ගැනීමට නොහැකි හෝ එම කාර්යය නවතාලීමට උත්සහ දරමින් නොයෙක් දුර්මත සමාජය පුරා වපුරන පුද්ගලයන් දෙස උපේක්ෂා සහගතව බලමින්, ඔවුන් වෙත ස්තුති කර තිබීමයි. සැබැවින්ම එය, EQUAL GROUND ආයතනයේ කාර්යයන්හි පවතින පරාර්ථකාමීත්වය හා සාමකාමී හැගීම සැමටම පසක් කර ලීමට දරන ලද අගනා උත්සහයකි.

මෙම සටහන මා තැබීමට අරමුණු කර ගත්තේද  EQUAL GROUND ආයතනයේ ක්‍රියාකාරීත්වය අප රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ වීමක් සිදුවන බවට නොයෙක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නගා ඇති චෝදනා වල පවතින සත්‍යතාවය මගේ දැනීමේ හැටියට විමසා බැලීම සඳහාය.

සංස්කෘතිය හා සභ්‍යත්වය පෙරට දමමින් සමහර සමාජ කණ්ඩායම් විසින් තම පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට හා ශ්‍රීලංකික සමාජයේ ජන කොටස් තුළ අනවශ්‍ය ගැටුමක් මවා පෙන්වීමට නිරර්ථක උත්සහයක් දරන බව බුද්ධිමත්ව සිතා බලන ඕනෑම අයකුට පැහැදිලි වනු ඇත. කීප දෙනෙකුගේ පෞද්ගලික මතයක් මුළු මහත් සමාජයේම මතයක් හෝ අදහසක් බවට පත් කර ගැනීමට ඔවුන් උත්සහ දරමින් සිටීම සැබැවින්ම කණගාටුදායකය. කුමන හේතුවක් මුල් කර ගනිමින් හෝ වෛරී සිතුවිලි සමාජය තුල පැතිරවීම තුලින් ඔවුන්ගේ චිත්ත සන්තානයට හෝ අනුන්ට සිදුවන යහපතක් නොමැති බව එවැනි පුද්ගලයන්හට තේරුම් ගැනීමට නොහැක.

යම් රටක සංස්කෘතිය රැක ගැනීමට වෙර දැරීම යනු ඒ රටේ ජීවත් වන තවත් එක් අහිංසක මිනිසුන් කොටසකගේ ජීවිත විනාශ කිරීම හෝ ජීවත් වීමේ අයිතිය නැති කිරීම නොවන බව මා තදින්ම විශ්වාස කරමි. විශේෂයෙන් අපේ රටේ සංස්කෘතිය තුල නම් කොහෙත්ම එවැනි කාර්යයකට අවකාශ නැති බව පැහැදිලිව සිතමි. ඊට ප්‍රධාන හේතුව නම් අප රටේ සංස්කෘතිය, බුදු දහමින් පෝෂණය වී තිබීමයි. බුදු දහම තුල කෙසේවත් එවැනි වෛරී අදහස් වලට ඉඩක් නැත්තේමය. එලෙස බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියක, එම රටේම, එම සංස්කෘතිය තුලම ජීවත් වන තවත් එක් අහිංසක මිනිසුන් කොටසකගේ ජීවිත්වීමේ අයිතියට අභියෝග කර නොමැත. මේ පිළිබඳව හරිහැටි තේරුම් නොගත් කීප දෙනෙකු විසින් සංස්කෘතිය රැක ගැනීම යන වචනයට මුවා වී සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන්ට එරෙහිව තම පෞද්ගලික වෛරී අදහස් සමාජය තුල වැපිරීම යෝග්‍ය නොවනු ඇත. මෙම සටහන මා තබන්නේ ද එවැනි වෛරී අදහස් සමාජ ජාල වෙබ් අඩවි හා නොයෙක් ක්‍රම ඔස්සේ ප්‍රචාරය වීම තුලින් විනාශ වන්නේ අනෙකක් නොව මිනිස්කමම(මනුෂ්‍ය ධර්මයන්ම) පමණක් වන බව තදින් විශ්වාස කරන්නෙකු ලෙසය. නියම ලෙස සංස්කෘතිය විනාශ වන අයුරු විදහා දැක්වෙන උදාහරණ අවශ්‍ය තරම් සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන අවස්ථා එමටය. එම උදාහරණ ඔස්සේ අධ්‍යයනය කර බැලුවහොත් ඊට හේතුව, එලෙස සංස්කෘතිය විනාශ කරන මිනිසුන් විසින් කරුණාව, මෛත්‍රිය පසෙකලා ආත්මාර්ථකාමී සිතුවිලි ඔස්සේ පමණක් දිව යෑම නිසා සිදුවන බව පැහැදිලි වනු ඇත.  සැබෑවටම සංස්කෘතිය රැක ගැනීමට අවශ්‍ය නම් අප කළ යුත්තේ වෛරය වැපිරීම නොව කරුණාව, මෛතිය සමාජය තුල මුල් බැස්සවීමයි. එවිට සංස්කෘතියත් රටත් සමාජයත් සමඟම සියලු මිනිසුන්ගේ අයිතීන් ද රැකෙනු ඇත. සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන් ද සමාජය තුලින් ඉල්ලා සිටින්නේ ඔවුන් වෙත වෛර නොකර කරුණාව හා මෛත්‍රීය දක්වමින් ඔවුන්ට සමාජයේ ගෞරවයෙන් යුතුව නිදහසේ ජීවත්වීමට ඉඩ පස්ථාව ලබා දෙන ලෙසය. කෙසේවෙතත් සිංහල බෞද්ධයා උපතින්ම කරුණාවන්ත හා සාමකාමී, මිනිස්කම්වලින් පිරුණ ජාතිකයක් බවට උදාහරණ ඕනෑතරම් අපගේ අතීතයෙන් සොයා ගත හැක. වර්තමානයේ දී සමහර සිංහල බෞද්ධයන් සිය පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා සහජයෙන් සිංහල බෞද්ධයා තුල පිහිටන මෙම ගුණාංග අමතක කර ඇත.

තවදුරටත් පවසන්නේ නම් පුද්ගලයකුගේ ලිංගික නැඹුරුතාවය හෝ දිශානතිය, එම පුද්ගලයාගේ උප්පත්තියෙන් ඇතිවන අතිශයින් පෞද්ගලික කාරණාවක් මිස එය ඔවුන්ගේ දුර්වලතාවයක් හෝ අඩුපාඩුවක් නොවන බව ඕනෑම බුද්ධිමත් අයකුට පසක් වනු නිසකය. අනෙක් පුද්ගලයන් මෙන් ඔවුහු ද සමාජයේ කිසිවෙකුටත් කරදරයක් නොවී, සාමාන්‍ය පරිදි තමන්ගේ පාඩුවේ ජීවත් වන්නෝ වෙති. උපතින් ඔවුන් ලැබුවා වූ ජීවිතයේ ස්වභාවය කිසිවෙකුට වෙනස් කල නොහැක. එයම හේතුවක් කර ගනිමින්, එනම් එම තත්වය ඔවුන්ගේ වරදක් ලෙස හුවා දක්වමින්, තමන්ගේම සහෝදර මනුස්ස කොට්ඨාශයකගේ ජීවිත වලට අපහාස උපහාස කරමින්, එම ජීවිත කදුලින් පුරවමින්, ඔවුන් සමාජයෙන් කොන් කර නොයෙක් පීඩා විදින තත්වයකට ඇද දැමීම තුලින් රැක ගැනීමට වෙහෙසෙන සංස්කෘතිය කුමක් ද යන්න ගැටළුවකි. විවිධ ලිංගික නැඹුරුතාවයන්ගෙන් යුතු වුව ද ඔවුන් ද එකම රටක, එකම සංස්කෘතියක් තුලම ජීවත්වන  සාමාන්‍ය මිනිසුන්ය. එනම් එකම රටක, එකම සංස්කෘතියක් තුල ඉපදී හැදී වැඩී ජීවත් වෙයි නම් එම සංස්කෘතිය පිළිබඳව සියලු දෙනාටම අයිතියක් හා වගකීමක් තිබිය යුතුමය. එසේනම් අප සමාජය තුලම ජීවත් වන සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයින්ව පමණක් එතුලින් වෙනස් කර හෝ වෙන් කර දකින්නේ කෙසේද ? යන්නත් ඔවුන්ට එම සංස්කෘතිය තුළම ඉඩක් අහිමි කර ඇත්තේ කෙසේද? යන්නත් හා ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ද මෙම සංස්කෘතිය යටතට අයත් නොවන්නේ කෙසේද? යන්න මාහට විශාල ගැටළුවකි. රටක සංස්කෘතියක් යනු කිහිප දෙනෙකුගේ පෞද්ගලික බූදලයක් හෝ අයිතියක් නොව එම රට තුල ඉපදී හැදී වැඩෙන සියලුම මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් වලින් අන්තර්ගත වූ හා ඒ පිළිබඳව සැමට අයිතියක් සහ වගකීමක් ඇති දෙයක් බව මාගේ හැගීමයි.


සියලු සත්වයන්හට සමාන කරුණාවකින් හා මෛත්‍රියකින් යුතුව සැලකීමට විශේෂයෙන් බෞද්ධයන් ලෙස අප පුරුදු පුහුණු විය යුතුමය. අනෙක් ආගම් හා ජාති වල වුවද සියලු පුද්ගලයින් කෙරෙහි කරුණාවකින් හා මෛත්‍රියකින් යුතුව ක්‍රියාකිරීමේ වැරැද්දක් නොදකිනු ඇති බව මා විශ්වාස කරමි. අප සමාජයේ වෙසෙන බොහෝ මිනිසුන් තම ආත්මාර්ථකාමී අදහස් පමණක් මුදුන් පමුණුවා ගැනීමට හා තම පෞද්ගලික වාසි තකා පමණක් ක්‍රියාකාරී වීම නිසා මෙම කරුණාව මෛත්‍රීය පිළිබඳව අමතක කර ඇත. එවැනි හේතුන් මත අප සමාජය තුලම ජීවත් වන සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන්ට නොයෙක් ගැහැට හා අපහාස උපහාස වලට මුහුණ දීමට සිදුව ඇත. එවැනි මිනිසුන් වෙනුවෙන් සංවිධාන බිහිවන්නේ ද එබැවිනි. ඔවුන්ට ද සතුටින් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබුනා නම් එවැනි සංවිධාන වල අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. නමුත් සමාජය විසින්ම තම වගකීම් පැහැර හරිමින් සිටින මොහොතක,  සමාජය විසින් ම අතහැර දැමීමට සුදානම් වී ඇති තවත් සමාජයේ ම එක් මිනිසුන් කොටසක් වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට EQUAL GROUND ආයතනය භාරගෙන තිබීම ප්‍රසංශනීය කටයුත්තකි. ඔබ ආයතනය කරන මෙම කාර්යයට මාගේ ශක්ති ප්‍රමාණයෙන් තවදුරටත් ශක්තියක් වීමේ අදහසින් මෙම සටහන මා තැබුවෙමි.

-ප්‍රියදර්ශනී සිල්වා, 2016.06.17-

SCHOOL – a place of learning or torturing?

This is a true story.  The person who wrote this wishes to be anonymous.   Her story, her own experience at a leading all girls school in Colombo is all true and very compelling.  If you have experiences like this and want to share it with others – please do email us at equalground@gmail.com or mail us on this site.  We will keep your name out if you wish – but your story really needs telling so use this space to tell it.



The foundation of who a child grows up to be is set when in school. We spend most of our waking hours of our childhood and teen years at school surrounded by our teachers and classmates. Rules in a Buddhist ladies school were far from lenient. From extremely strict dress codes to almost offensively invasive codes of conduct. Homophobia and transphobia was a given. In an environment so sexist, racist, classist and victim-blaming it’s no surprise that they’d be anti-LGBTIQ. Much like the lack of sex-ed, we had no LGBTIQ sensitizing either. Sex was an unspeakable act practiced by those most vulgar and sexually promiscuous. That was all we were told and according to them that was all we needed to know.

We were told to follow the principles of Buddhism and to be demure and decent girls. As Sinhala Buddhist women, our purpose was to be good mothers and more importantly to be worthy and disciplined wives. Monks would encourage us to breed as it was our responsibility as Sinhalese Buddhist women to keep our race the dominant race of Sri Lanka during the weekly morning preaching. The teachers would nod along with a sage “hmm”. Coming from a family of faith witnessing the disgusting hypocracy, the intolerance and the self-righteousness in the name of religion in an institution of education whose reputation of having done no wrong not only robbed me of faith in religion but also faith in justice.  Homosexuality was painted as despicable a sin as pedophilia and necrophilia. As girls we were told that pre-marital sex made us whores and that we were to cater to our husbands and nobody else, teachers went to uncomfortable lengths to suppress our sexualities. Among the students there’d be whispered discussions of lesbians followed by gasps, faux gagging and giggles. It was a juicy topic for gossip. The word “lesbian” alone was the most horrific insult a girl in our school could receive. Once spat out in front of an audience the reputation that came with it was impossible to shake. The rumour of you being a lesbian was enough for the teachers to mistreat you, for them to drop hints in the middle of the lesson and use you as a cautionary tale. For you to be bullied relentlessly by your peers or worse to be boycotted by them. Your reputation of being a lesbian whether true or not will haunt you until you graduate. It’s not something you can shake. Two girls in grade 11 were once caught texting “inappropriate things”. Their texts had consisted of nothing sexual and were innocent declarations of love but they were separated in school and their parents were instructed to keep them apart. Meanwhile they had to endure hours of snarky comments and the appalled speeches of their teachers. Our head coordinator told all three of our A/L Arts classes as a cautionary tale for any girls “who were so desperate”. For them bisexuality was a myth. Some form of sexual experimentation reserved for the most indecent.  So growing up, I never had a proper understanding of bisexuality. I assumed that I was a lesbian. From the ninth grade I knew that I wasn’t straight though I didn’t come to terms with it until three years later. Enduring all the gay and trans jokes were equal parts hurtful and mortifying. The far spread rumour of you being a lesbian is enough for your parents to be summoned to the principal’s office for a serious discussion of your future and your behaviour which could lead to a suspension if they see fit. Any “evidence” of any “vulgarity” such as letters, texts or inappropriate behaviour it would be grounds for a long suspension or an expulsion.

2015 was my last year in school. A girl in the grade below me whom I knew in passing and whom I knew to be lovely, was rumoured to be a lesbian. She and her girlfriend were then caught by a teacher and a prefect who both very firmly stated that their public display of affection was completely inappropriate and mortifying. Nobody but the four of them know what really happened that day but that didn’t stop from the speculations. Eyes would widen, there’d be snickering and heated whispers whenever those two poor girls would pass by. Bisexuality was simply an impossibility so their reputation of being “dykes” was set in stone. I found myself being overwhelmingly protective of her though we’ve only spoken about 3 times. She and I would wave and smile at each other in the corridor. I was once with my classmates when I saw her and we waved at each other. A friend of mine looked appalled at said “You know she’s a lesbian right?” I was so shocked that when I turned to see if she had she was already gone. My “So?” wasn’t surprising given my long and passionate rants about equality during our free literature periods. It never fails to amaze me how they’d all nod and agree with me with a chorus of ‘yes’s and exasperated sighs at the intolerance of the ignorant. Yet outside of the crammed and dusty lit room they are as ignorant and cruel as the very people they criticize. The homophobia and transphobia are so interwoven into the people they’ve become that no amount of passionate rants from their closeted bisexual friend or Oscar winning movies or beautiful tragic books or pleas of their LGBT child to forgive them will change their way of thinking.

The teen years are dedicated to “finding oneself”. To properly develop their tastes in the arts, to discover where their passion and purpose lies and for their proper personalities to be shaped. One’s sexual orientation and gender identity is a big part of who a person is. We are so discouraged from even thinking about anything remotely sexual let alone to find ourselves that we’re 20 by the time we can even think about our sexual orientations or gender identities. But the homophobia, transphobia and general intolerance is so inbred and has become a part of who we are as people. The internalized homophobia and transphobia later progresses to a lot of resentment, depression, anxiety and self-isolation. It was a while after I graduated from school that I felt comfortable with labeling myself a bisexual/pansexual.

My mother tells me that we can change. That we can choose to change no matter what we were taught. How can a house stand when its very foundation is caving in? Severe anxiety, depression, low self-esteem, resentment towards authority, compulsive lying, self-harm and an eating disorder are a few of the quirks I have school to thank for. The relentless bullying of the providers of education most certainly played a massive part in it. Even right now school still haunts me. Internalized homophobia and biphobia still makes me ashamed and afraid. It keeps me in the closet. It keeps me from picking a fight with my homophobic relatives. It keeps me from sharing this huge part of who I am from my mother who I know will understand, to spare her from the burden of this secret. When the foundation of who you are is toxic it’s not something you can escape. Whether slowly or quickly it poisons you, it corrodes you from the inside, kills you each passing day. The minute the torture ends and you are released from years of captivity you’d either succumb to Stockholm syndrome or like me you’d desperately claw at yourself to be rid of any trace of the effect it had on you. No number of piercings, tattoos, rebelling or declarations of liberalism will undo what you were told, what you once believed and their narrow prejudices that you’ve now inherited.

Depression, anxiety, learning disorders, eating disorders and bisexuality weren’t considered to be real. They were all alien concepts dreamed up by the West as excuses to be lazy or vulgar. It wasn’t in our culture and therefore non-existent. The problem was all those were things I had, it was who I was. Being told that being a bisexual was a sin and unnatural and that the pain I was enduring was irrelevant by teachers years older and mothers themselves added to it all. Having been told over and over to ‘get over it’ by my teachers, parents, cousins, friends and relatives made me reserved. Now they all accuse me of being cold and closed off. Talking about my problems make me ‘annoying’ and ‘selfish’. Keeping it all bottled up makes me ‘resentful’, ‘closed off’ and ‘cold’. Sometimes I wish I had taken a beating instead. That I had photographs of blue bruises and a black eye, healing scratch marks, a split lip or a lisp from a chipped tooth. Something. Proof that they’ve put me through hell. That I’m a survivor and not some girl who cried wolf. So I could point to each scar each picture and give its gory origin. Instead I have emotional baggage and hurt that is shrugged off for being petty, bitter and nothing. I’m constantly having to explain to people why I am the way I am and having to apologize for how I am. But no one ever apologized for breaking me.  I know for a fact that no one ever will. A student’s mental well being means so little to the teachers that it’s no wonder that they end up birthing generations upon generations of insensitive and narrow minded adults.




Against Buddhism? Or are they?

It is known by most that some groups have started spreading groundless rumors about EQUAL GROUND and its work through the internet. It is appreciable that your organization has taken necessary and immediate actions to post an official statement regarding that on your Facebook page. Major problematic issue we can find here is that these groups are using Buddhist philosophy without thinking twice, in order to strengthen their argument and opinion. If we think through wisely, it is clear that such groups themselves do not possess sufficient knowledge about their own arguments. Therefore I would like to present my opinions on behalf of EQUAL GROUND, as a person who appreciates social services and endeavors done by EQUAL GROUND in order to make sure all human beings are entitled to equal rights. My expectation is, this will support the work you do, at least a little – what I essentially expect from writing this, is to explain the futility of the actions of some groups who are trying to spread misconceptions through social media against the lesbian, gay, bisexual, transgender, intersex and questioning community using Buddhist philosophy.

It is completely unacceptable to use Buddhist ideologies preached by Buddha, who can be identified as the best human rights defender through his teachings, to violate the rights of humans. It is an insult to Buddhist teachings – they are trying to deform dharma facts in the Buddhism in order to fulfill the needs of a very few. Buddhist teachings, preached by Buddha against the backward norms existed in his era, confirm full protection and entitlement of freedom and rights of all living beings as well as human beings. We cannot expect discriminatory actions such as use of Buddhist philosophy to brand the lesbian, gay, bisexual, transgender, intersex and questioning community as people who has mental illnesses and to suppress the LGBTIQ community through violating their human rights, from a person who has truly learnt or followed Buddhist philosophy.

In the initial era of Buddhism, Brahman groups used to be treated high and mighty and high class people in the society and Buddha preached Wasala Sutra and explained that no person is superior or inferior by birth but their actions. Several sections out of the 33 sections of Wasala Sutra explains that if someone insults another based on his/her social status, that behavior itself is a sign of an outcast. (Quoted from Wasala Sutra) Therefore if a person insults, treats inferiorly or distresses another’s right to life based on his/her sexual orientation, it shows nothing but how low he himself is. Condemning, hurting and insulting a section of our society without thinking about their feelings, is type of an action we can expect from a person who doesn’t realize that everyone has to face death.

We can see many sections in Buddhist philosophy that emphasizes the right to live happily and free of punishment or unfair treatment for all living beings, and no one has the right to challenge that right. First dharma stanza in the Dhanda Waggaya of Dhammapadaya, states “Sabbe thasanthi dandassa, sabbe bhayanthi machchuno”. It explains, “All fear punishment, all fear death – taking that as an example, do not kill or punish”. Not only that, it was also preached “Sabbe thasanthi dandassa, sabbe san jeewithan piyan” meaning “All living beings are frightened by punishment, everyone prefers life.” Through that, Buddha taught that the wise protect others’ right to life, comparing how the wise themselves consider the importance of their life.

It can clearly be seen here, that the unwise, unable to understand the Buddha’s teachings, tend to violate one’s right to equal and noble life in the society. Also Buddha explained, through another stanza in the Dhammwagga, that hating others’ happiness, while one enjoys a good life, may cause to lose divine or humane happiness.

“Sukha kamani bhuthani – yo dandena vihinsathi

Aththano sukha mesano – pechcha so na labhatho sukhan”

“if one suppresses others, while he himself enjoys greater happiness, he loses divine and humane happiness nor will he attain nibbana/ nirvana.”

Another very important section in the Buddhism is ten fetters. Ten fetters are defilements that keep us bound to sansara and prevent us from finishing the journey of samsara – conceit is one of the fetters. Conceit makes us consider ourselves superior than others or others inferior than us, and make us do what should not be done and prevent us from doing what should be done. Some people use some teachings from Buddhism and try to consider themselves to be religious than everyone else and label LGBTIQ persons as outcasts. Such actions show that because of conceit, people tend to do what should not be done and prevent from doing what should be done – which means, by mentally and physically suppressing LGBTIQ persons, they are performing an action that is not meant to be done and are not contributing to what should be done, in order to build a peaceful environment in which everyone can live happily and freely. That shows such people, who call themselves Buddhists, are not actually applying true Buddhism to their lives.

Karaneeya Meththa Sutra is another sutra mentioned in Buddhist teachings. Throughout this sutra, Buddha explains the ways of spreading kindness towards all living beings. At one point in the Karaneeya Meththa Sutra, Buddha mentions “Matha yatha niyan puththan, ayusa eka puththan anurakkhe, ewampi sabba bhuthesu, manasan bhawaye aparimanan, meththan cha sabba lokasmin, manasan bhawaye aparimanan” meaning, “All living beings should be loved endlessly in the same way a mother protects her precious child. A mind which spreads kindness towards the whole world, is the type of mind we should develop.” If these people at least were aware of this sutra as Sinhala Buddhists (as they call themselves), which is preached very often in Buddhism, neither would there be so much of hatred in the society towards a group of human beings like this nor will they try to influence people to gather on streets to insult and harass our own people. If it is much difficult to learn deeper concepts of Buddhism, simply learning about Karaneeya Meththa Sutra would be sufficient for someone to be kind to others.


Although there are a plenty of instances in Buddhism which demonstrates about the right to life and freedom for all living beings, I believe what I’ve written is sufficient to answer those who call themselves Buddhists but still harass and exclude people based on their sexual orientation while trying to find Buddhist teachings to support their unfair arguments.


Being a Sunday school teacher, I’m writing this to futile the attempt of those who are trying to spread hateful opinions against EQUAL GROUND through social media, using Buddhist philosophy. I believe this would be useful for you to apply where needed, in order to break hateful arguments. I believe that the above mentioned facts will be of support to make EQUAL GROUND’s work successful.

Thank you.

A.Priyadharshani Silva


Equal Ground ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමසුමකින් තොරව පදනම් විරහිත ප්‍රකාශ අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීමට මේ වන විට කටයුතු කරන ඇතැම් පිරිස් පිළිබඳව අප කාගේත් අවධානය යොමු වී ඇති බව දන්නා සත්‍යයකි. මේ පිලිබදව ඔබ ආයතනය විසින් නිල මට්ටමින් ප්‍රකාශයක් ඔබගේ ෆේස්බුක් පිටුව හරහා තබා තිබීම ප්‍රසංශනියයි. එසේම මෙහි තිබෙන අනෙක් ගැටළුකාරී තත්වය නම් එම පිරිස් විසින් තමන්ගේ මතයන් අන් අයට කාවැද්දීම සඳහා දෙවරක් නොසිතාම බෞද්ධ දර්ශනය ගාවාගෙන තිබීමය. බුද්ධීමත්ව විමසා බලන්නේ නම් ඔවුන් විසින් යම් යම් අවස්ථාවලදී ලබා දී තිබෙන තර්කවල පවතින නිශ්චිතතාවය එම පිරිසටවත් නොමැති බව පැහැදිලි වෙයි. එබැවින් Equal Ground ආයතනය කරන සමාජ මෙහෙවර හා සියලු මිනිසුන්හට සමාන මානව අයිතිවාසිකම් ඇති බව සහතික කිරීමට දරන ප්‍රයත්නය අගයන්නෙක් ලෙස මෙම සටහන තබමි. ඔබ කරන කාර්යයට යන්තමින් හෝ දායක වීමක් මින් සිදුවෙතැයි මා අපේක්ෂා කරමි. මෙම සටහන තැබීම තුලින් මා මූලිකවම බලාපොරොත්තු වන්නේ බුද්ධ දර්ශනය අදාල කර ගනිමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා සමාජය තුල සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන් පිළිබඳ දුර්මත ඇති කිරීමට ඇතැම් පිරිස් දරන උත්සහයේ පවතින නිරර්ථක බව මාගේ දැනීමේ හැටියට පැහැදිලි කර දීමයි.

බුද්ධ දේශනාව සම්බන්ධයෙන් විමසා බැලීමේ දී ලෝකයේ බිහිවුන හොදම මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙළඹුන මනුෂ්‍යයා ලෙස හැදින්විය හැකි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයම තවත් එක් මනුෂ්‍ය කොටසකගේම මානව අයිතිවාසිකම් නැති කිරීම සඳහා යොදා ගැනීමට උත්සහ දැරීම බුද්ධ දේශනාවට ද කරන නිග්‍රහයකි. ඊට හේතුව බුද්ධ දේශනාව තුළ අන්තර්ගත දහම් කරුණු යම් සුළු පිරිසකගේ අවශ්‍යතාවය මත වෙනස් කර ගනිමින් උදාහරණ පෑමය. බුද්ධ කාලයේ පැවති නොදියුණු සම්මතයන්ට එරෙහිව මතවාදීව සටන් ශ්‍රේෂ්ඨයෙක් වන බුදු රදුන්ගේ දර්ශනය මනුෂ්‍යන්ගේ පමණක් නොව සියලුම සත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය හා නිදහස සම්පූර්ණයෙන්ම තහවුරු කළ දර්ශනයකි. එසේ පැවතිය දී පදනමකින් තොරව බුද්ධ දර්ශනය සම්බන්ධ කර ගනිමින් සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයින් මානසික විකෘතිතාවයන් ඇති පුද්ගලයින් ලෙස හංවඩු ගසා සමාජයෙන් නෙරපිය යුත් පුද්ගලයන් ලෙසින් තර්ක කරමින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අන්දමේ ප්‍රකාශ කරමින් එවැනි පුද්ගලයන් අපහසුවට හා පීඩනයට පත් කිරීම නිවැරදි බුද්ධ දර්ශනය හදාරා ඇති අයකුගෙන් සිදුවන්නක් නොවේ.

බුද්ධ දර්ශනය ලෝකයාට විවෘත කාලයේ දී එකල විසූ බ්‍රහ්මණ කණ්ඩයම් විසින් තමන් උසස් ලෙස සලකමින් හා හදුන්වා දෙමින් ගරු බුහුමන් ලැබීමට පුරුදුව සිටි අතර එහි දී බුදු රජාණන් වහන්සේ විසින් වසල සූත්‍රය දේශනා කරමින් කිසිම පුද්ගලයෙකු උපතින් උසස් හෝ පහත් නොවන බව දේශනා කරන ලදි. එනම් තමන් කරන ක්‍රියාව අනුව එය සිදුවන බව පැහැදිලි කළ සේක. කොයිතරම් උසස් හා සම්මත තලයක පුද්ගලයකු ලෙස තමන් සිතා සිටියත් එය පදනම් කරගනිමින් සෙසු පුද්ගලයින් හට ගරහයිනම් පරිභව කරයි නම් එය වසල ගතියක් ලෙස එම සුත්‍ර දේශනාව තුලින් විස්තර කරන කරුණු තිස් තුනෙන් කරුණු කීපයකින්ම පැහැදිලි වේ. (උපුටා ගැනීම වසල සුත්‍රය) එසේ නම් යම් පුද්ගලයකුගේ ලිංගිකමය නැඹුරුතාවය මත එම පුද්ගලයාගේ ජීවත්වීමේ නිදහස කෙරෙහි කිසිවකු අනිසි අයුරින් බලපෑම් කරමින් ගරහයි නම් එය තම ක්‍රියාව තුලින් වසල ගති පෙන්නුම් කරන්නෙක් බව තේරුම් යනු ඇත. තවත් එක් මනුෂ්‍ය කොට්ඨාශයකගේ සිතුම් පැතුම් පිළිබද හැගීමකින් තොරව එම පුද්ගලයන්ගේ සිත් රිදවමින් සමාජයෙන් කොන් කරමින් හා අපහාස කරමින් ක්‍රියාකාරී වීම තමන් මැරෙන බව නොදැන ජීවත්වන පුද්ගලයින්ගේ කාර්යයකි.

ඉපදුන සෑම සත්වයකුටම තමන්ගේ ජීවිත කාලය අවසන් වන තෙක් නිදහසේ සතුටින් ජීවත්වීමට හා තවකෙකුගේ දණ්ඩනයකට හෝ බලපෑමකට ලක් නොවී ජීවත් වීමට අයිතියක් ඇති අතර එය කිසිවෙකුට අභියෝගයකට ලක්කිරීමට හැකියාවක් නැති බවට බුද්ධ දර්ශනය තුල කීප අවස්ථාවකදී ම සහතික වන අකාරයේ උදාහරණ ඉදිරිපත් කර ඇත. එනම් ධම්ම පදයේ දණ්ඩ වග්ගයේ ඇති පළමු ධම්ම පද ගාථාව වන “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනෝ” ගාථාවෙන් ම ඒ බව සදහන් කර ඇත. “සියලු සත්වයන් දඩුවමට බියවෙත්. සියලු සත්ත්වයෝ මරණයට බියවෙත්.” එබැවින් තමන් ද එසේ දඩුවමට හා කරදරයට පත්වීමට බියවන්නාක් මෙන් තමන් උදාහරණයට ගෙන අන් අය ද මරණයට පත්කිරීමට හෝ පීඩනයට පත් නොකළ යුතු බව මෙයින් පැහැදිලි කරයි. එසේම “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ සං ජීවිතං පියං” එහිදී “සියළු සත්වයෝම දඩුවමින් තැති ගනිති, සියල්ලන්ම ජීවිතය ප්‍රියය” එබැවින් තමා ජීවත්වීමට ප්‍රිය වන්නාක් මෙන් උපමා කොට නුවණැත්තන් අනෙකාගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය සුරකින බව බුදුරදුන් වදාළ සේක. මෙහිදී අප සියල්ලන්ටම පැහැදිලි වන්නේ මෙම බුද්ධ වදන තේරුම් ගැනීමට අපහසු අනුවණනයන් පිරිසක් විසින්, එක සමාන අයිතියකින් යුක්තව උප්පත්තිය ලබන සෑම පුද්ගලයකුටම සමාජය තුල ගෞරවනීය ලෙස නිදහසේ ජීවත්වීමට ඇති අයිතියට විරුද්ධ වන බවකි.

බුදුරදුන් විසින් දණ්ඩ වග්ගයේ එන තවත් එක් ධම්ම පද ගාථාවක් වන පහත සදහන් ගාථාව ඇසුරින් තමන් සුවසේ ජීවත්වීමට කැමති නම් එසේ වී අනෙක් සුවසේ විදීමට කැමති සත්වයන් පෙළීම දෙව්මිනිස් සුව හෝ නිවන් සුව නොලැබීමට හේතුවක් ලෙස පැහැදිලි කළ සේක.

“සුඛ කාමානි භූතානි – යො දණ්ඩෙන විහිංසති

අත්තනෝ සුඛ මෙසානෝ – පෙච්ච සො න ලභතේ සුඛං”

“යම් පුද්ගලයෙක් තමහට සුව කැමති වූයේ, සුව කැමති සත්වයන් දඩුවමින් පෙළා නම් හෙතෙම පරලොව දෙව්මිනිස් සුව ද නිවන් සුව ද නොලබන්නේය.”

බුද්ධ දර්ශනය තුළ අන්තර්ගත තවත් එක් දහම් කරුණක් නම් දස සංයෝජනයන් ධර්මයන්ය. “සත්වයන්ට සංසාර ගමන නිමා කිරීමට නොදී ඔවුන් සසරේ බැද තබන කෙලෙස් ධර්ම සංයෝජන ධර්ම” නම් වේ. එයින් එක් සංයෝජන ධර්මයක් වන්නේ මානයයි. මානය තුලින් පුද්ගලයෙක් හෝ පිරිසක් අරමුණු කර තමන් ඔවුන්ට වඩා උසස් කර හෝ පහත් කර සලකා ඒ හේතුවෙන් කළ යුත්ත නොකර හැරීම හා නොකල යුත්ත කිරීම වැනි කටයුතු කරයි. ඒ අනුව බුද්ධ දර්ශනය හුවා දක්වමින් තමන් එම දර්ශනය අනුව ජීවත් වන බවත් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයින් ඊට පටහැනිව ජීවත් වන කොටසක් බවත් හුවා දක්වමින් ඔවුන් පහත් කර සලකා තමන් ආගමානුකූලව ජීවත් වන උසස් කොටසක් ලෙස හදුන්වා ගැනීමට එම පිරිස් උත්සුක වී ඇත. එතුලින් ඔවුන් තුල වැඩෙන සංයෝජන ධර්මයක් පිළිඹිබු වේ. එහිදී එම මානය නිසා ඔවුන් කළ යුත්ත නොකර, නොකල යුතු දෑ සිදු කිරීමට පෙළඹෙයි. එනම් ඔවුන් සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයින්ව මානසිකව හා කායිකව තාඩන පීඩනයන්ට ලක් කරමින් නොකල යුත්ත කරයි. නමුත් සියලු මිනිසුන්ට සතුටින් නිදහසේ ජීවත් වීමට හැකි පරිසරයක් උදා කිරීම සදහා කල යුතු දෑ ඔවුන් නොකරයි. එයින් පැහැදිලි වන්නේ ද නිවැරදි බුද්ධ දර්ශනය අනුව තමන් බෞද්ධයන් යැයි කියා ගන්නා එම පිරිස් ක්‍රියාකාරී වී නොමැති බවයි.

බුද්ධ දේශනාව තුල අන්තර්ගත තවත් එක් සුත්‍ර දේශනාවක් වන්නේ කරණීය මෙත්ත සුත්‍රයයි. මෙම සුත්‍ර දේශනාවේ දී බුදුරදුන් විසින් සියලු සත්ත්වයන් හට මෙත් වැඩිය යුතු ආකාරය පිළිබදව එම සුත්‍රය පුරාවටම පැහැදිලි කර දෙයි. එහි එක් තැනක දී … “මාතා යථා නියං පුත්තං, අයුසා ඒක පුත්තං අනුරක්ඛේ, එවම්පි සබ්බ භූතේසු, මානසං භාවයේ අපරිමාණං, මෙත්තං ච සබ්බ ලොකස්මිං, මානසං භාවයේ අපරිමාණං”… ලෙසින් වාදාරා ඇත. එහි තේරුම “පණ වැනිව පුතෙකු සිටින යම් මවත් තම එකම පුතු රකියි ද එලෙසම සියලු සත්ත්වයන් අපරිමිත වූ මනසක් වැඩිය යුතුය. සකල ලෝකයා වෙත මෙත පතුරවන අපරිමිත වූ මනසක් වැඩිය යුතුයි.” එසේනම් සිංහල බෞද්ධයන් නිතර සජ්ජායනා කර මෙම සුත්‍ර දේශනාව පිළිබදවවත් සිංහල බෞද්ධයන් ලෙස එම පිරිස් නිවැරදිව තේරුම් ගෙන සිටීනම් තවත් එක් මනුස්ස කොටසක් සදහාම මෙතරම් වෛරී සංකල්පනාවන් සමාජය තුල නොපතුරවනු ඇත. ඔවුන්හට අපහාස කරමින් එම ජනතාව පෙලීම හා දණ්ඩනයට ලක්කිරීම සදහා වීදි බැසීමට මිනිසුන් ඒකරාශී කිරීමට උත්සහ නොකරනු ඇත. මන්ද යත් සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීය පැතිරවීම පිළිබදව හැදෑරීම සදහා වෙනත් ගැඹුරු දහම් කරුණු විමසීමට ඔවුන්ට අපහසු නම් සරලවම කරණීය මෙත්ත සුත්‍ර දේශනාව හැදෑරීම පමණක්ම ප්‍රමාණවත් වනු ඇත.

සෑම සත්වයතුගේම ජීවත්වීමේ අයිතිය හා නිදහස පිළිබදව විදහා පෑම සදහා අවශ්‍ය තරම් උදාහරණ බෞද්ධ දර්ශනය තුළ ඇතත්, යම් පුද්ගලයකුගේ ලිංගික නැඹුරුතාවය මත එම පුද්ගලයා තාඩනයට පීඩනයට ලක්විය යුතු යැයි හෝ ඔවුන් සමාජයෙන් කොන්කර අතුගා දැමිය යුතු යැයි කියමින් ද ඒ සදහා බෞද්ධ දර්ශනය ද පදනම් කරගෙන උදාහරණ සැපයීමට වෙහෙසෙන තමන් බෞද්ධයන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් සදහා පිළිතුරක් වීමට දැනට මෙම කරුනු ප්‍රමාණවත් වේ යැයි මා සිතමි.


මෙම සටහන මා විසින් තබා ඇත්තේ යම් යම් අන්තගාමී සංවිධාන විසින් ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙන Equal Ground ආයතනය වෙත චෝදනා එල්ල කිරීම තුලින් සාමාජය තුල වෛරී අදහස් පැතිරීමට දරන උත්සහය ව්‍යර්ථ කිරීමට, දහම් පාසල් ගුරුවරියක ලෙස සේවය කරන මා විසින් මාගේ දැනීමේ හැටියට ඔබ වෙත දායකත්වයක් ලබා දීම සදහාය. මෙම කරුණු අදාළ කර ගත හැකි අවස්ථා වලදී එම කරුණු ඉදිරිපත් කරමින් ඔවුන්ගේ තර්ක සදහා පිළිතුරු ලබා දීමට මෙය ඔබට උපකාර වේ යැයි මා සිතමි. Equal Ground ආයතනය විසින් කරන කාර්යයන් සාර්ථක කර ගැනීම සදහා මා හට හැකි මට්ටමින් දායකත්වයක් ලබා දීම අරමුණු කර ගනිමින් ඉහත කරුණු ඔබ වෙත ඉදිරිපත් කරමි.


ඒ. ප්‍රියදර්ශනී සිල්වා

2016.05.27 දින



Colombo, Sri Lanka 21st January 2016


EQUAL GROUND’s strategic plan since its inception in 2004 has been to educate and sensitise the general public and our own LGBTIQ community on the normalcy of sexual orientation and gender identity, using a Human Rights platform to press for changes not just with the people of Sri Lanka but also with the Government, the Judiciary, the Media and the Corporate Sector, to name a few.  Over the course of several months in 2015 & 2016, EQUAL GROUND sensitized members of staff of John Keells Holdings PLC, as well as the staff of Renuka City Hotel.  The ongoing program for Corporate Sensitising has reaped dividends.

EQUAL GROUND is proud to announce that John Keells Holdings PLC becomes the first Sri Lankan Company to accept and commit to non-discrimination in the work place for persons of different sexual orientations and gender identities.

EQUAL GROUND is committed to creating avenues in which Companies such as John Keells Holdings can successfully sensitise and educate their staff on the importance of accepting Diversity in the workplace.  As such, since October 2015, EQUAL GROUND commenced awareness sessions to sensitise staff of John Keells Holdings PLC on sexual orientation and gender identity.       The successful execution of these sensitising trainings on Lesbian, Gay, Bisexual, Transgender, Intersex and Questioning persons (LGBTIQ) lives and issues has led to change in this corporate organisation – a leader in the business sector dedicated to providing a safe and inclusive workplace for its employees.

“Keells has always been about equality and diversity in the workplace and we have always encouraged women, ethnic minorities and others to be a part of our Company.  Including Sexual Orientation and gender Identity is just a natural progression for us.  It’s the right thing to do,” said Ajit Gunerwardene, Deputy Chairman of John Keells Holdings when asked why he was so open to this Corporate Sensitizing project pioneered by EQUAL GROUND.

John Keells Holdings PLC has a long history of advancing social change: it has taken initiatives in empowering women towards the eradication of violence against women, prevention of child abuse and child labour, the prevention of HIV / AIDS through creating awareness, and embracing a diverse workforce without discriminating on the basis of race, religion, ethnicity, gender including different sexual orientations and gender identities.

The trainings conducted by EQUAL GROUND explains the legal and social challenges people with different Sexual Orientation and Gender Identities face in Sri Lanka in the workplace. An estimated 10% of people worldwide are estimated to be LGBTIQ, which amounts to approximately 2.2m persons in Sri Lanka.

“We are certainly pleased and excited by John Keells Holdings PLC committment, in not only sensitising their workforce on LGBTIQ issues but also making it a Human Resources policy to encourage LGBTIQ persons to work at John Keells Holdings without fear or discrimination,” said Rosanna Flamer-Caldera, Executive Director of EQUAL GROUND speaking on this groundbreaking decision by John Keells Holdings.  She further said: “We are committed to encouraging more and more businesses to do the same as John Keells Holdings PLC.  Embracing diversity and encouraging all persons to be their best and give of their best in the workplace only enhances Sri Lanka’s economic growth and will not have the shortcomings that many persons are so fond of pointing out, all be it erroneously.”


In 2009, Witeck, the US communications company and Harris Interactive, the market researcher, found the estimated spending power of the LGBT community to be £81bn in the UK and $712bn in the US.  By 2013 this figure in the US was over $800 Billion.

It also suggested that 78% of the LGBT community, their friends and relatives would switch brands to companies known to be LGBT-friendly.

The UN urges companies to come forward with safe, fair and accepting policies including LGBTIQ people. Reluctance to do so currently costs India US$32bn p.a. and Sri Lanka an estimate of US$128m p.a. To put this into perspective, Homophobia costs our country the 2014 equivalent of our aviation industry. Tackling homo- and transphobia is not only a social cause, but also makes Rupees and sense (Airport and Aviation Services (Sri Lanka) Limited, (2015). Annual Report 2014. Katunayaka. Ministry of Finance and Planning, (2010). Annual Report Mihin Lanka 2008 Sri Jayawardenapura,  Sri Lankan Airlines, (2015) Annual Report 2013-2014 Colombo).