පාසල ඉගෙන ගන්නා තැනක්ද? වධ දෙන තැනක්ද?

මෙය සත්‍ය කතාවකි. මෙය ලියූ තැනැත්තිය සිය නම හෙළි නොකරන්නීය. කොළඹ ප‍්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙන ගත් ඇගේ කතාන්දරය, ඇගේ අත්දැකීම අතිශය සත්‍යවාදී බවින් යුතුය. බලපෑම්සහගත ය. ඔබටත් මෙවැනි අත්දැකීම් තිබේ නම් සහ ඒවා අනෙක් අය සමග බෙදාහදා ගැනීමට කැමති නම් equalground@gmail.comහෝ මෙම බ්ලොග් අඩවිය වෙත ඊමේල්  කරන්න. ඔබට අවශ්‍ය නම් ඔබේ නම හෙළි නොකර සිටින්නට පුළුවන. නමුත් ඔබේ කතාන්දරය කිව යුතුම එකක් යැයි ඔබට සිතෙයි නම් මේ ඉඩ ඒ සඳහා භාවිතා කරන්න ඔබට පුළුවන්.

 ————————————
දරුවකුගේ වර්ධනයට පදනම සකස් වන්නේ පාසලෙනි. අප අපගේ ළමා කාලයෙන් සහ නව යොවුන් වියෙන් වැඩි කොටස ගත කරන්නේ පාසලේ ය. ගුරුවර ගුරුවරියන් සහ පාසල් මිතුරු මිතුරියන් පිරිවරාගෙන ය. බෞද්ධ කාන්තා විදුහලක නීති රීති මුදුමොළොක් ඒවා නොවේ. ඒවා අතිශයින්ම දැඩි නිල ඇඳුම් නීතිවල සිට හිංසාකාරී විය හැකි තරමට බරපතළ විනය නීති දක්වා විශාල පරාසයකට අයත් වේ. හෝමෝෆෝබියාව සහ ට‍්‍රාන්ස්ෆෝබියාව ද ඒ අතර තිබේ. මෙවැනි අතිශය ස්ත‍්‍රී පුරුෂ භාවී, ජාතිවාදී, පන්තිවාදී සහ වින්දිතයා හටම දොස් පවරන වාතාවරණයක් තුළ සිටින්නන් LGBTIQ හෙවත් සමසෙනෙහස් ස්ත‍්‍රී, සමසෙනෙහස් පුරුෂ, ද්වී සෙනෙහස්, විෂම සෙනෙහස් සහ සිය ලිංගික අනන්‍යතාවය ප‍්‍රශ්නකාරී වූ ප‍්‍රජාවේ විරෝධීන් වීම පුදුමයක් නොවේ. අපේ පාසල්වල ලිංගික අධ්‍යාපනයේ විශාල අඩුවක් පවතින අතර LGBT පිළිබඳ අධ්‍යාපනයක් නම් ඇත්තේම නැත. සෙක්ස් හෙවත් ලිංගිකත්වය, සාකච්ඡුා කළ නොහැකි කි‍්‍රයාවක් විය. ඒ ගැන කතා බස් කරන්නේ අශ්ශීල, ‘වල්’ හෝ ලිංගිකත්වය ගැන කිසිදු වගවිභාගයක් නැති අයයි. අපට ඒ ගැන කියා දී තිබුණේ එපමණයි. තවද ඔවුන්ට අනුව අප දැනගත වූයේත් එපමණයි.
බුදු දහමේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන ලෙසත් ලැජ්ජාශීලී සහ විනීත ගැහැනු ළමුන් වන ලෙසත් අපට පැවසුණේය. සිංහල බෞද්ධ කාන්තාවන් වශයෙන් අපේ අරමුණ වූයේ හොඳ මව්වරුන් වීම සහ, ඉතාම වැදගත් දෙය වන වැදගත්-විනීත භාර්යාවන් වීමයි. සතිපතා උදෑසන ධර්ම දේශනාවේදී බෞද්ධ හිමිවරුන් අපව දරුවන් හැදීම සඳහා දිරිමත් කළේ ශ‍්‍රී ලංකාවේ බහුතර ජාතිය ලෙස අපේ ජාතිය පවත්වාගැනීම, සිංහල බෞද්ධ කාන්තාවන් වශයෙන් අපේ වගකීම වූ නිසා ය. ගුරුවරියන් මේවාට ‘හ්ම්’ කියාවත් විරෝධයක් පළ කළේ නැත. අප‍්‍රසන්න කුහකකම ඇස්පනාපිට දකින පවුලකට අයත් වී, ආගමේ නාමයෙන් ඉවසා සිටීන සහ තමන්ගේ යහපත ගැන පමණ ඉක්මවා සිතීම පුරුදු කළ අධ්‍යාපන ආයතනය විසින් ආගම පිළිබඳ මට තිබූ විශ්වාසය පමණක් නොව යුක්තිය පිළිබඳ මට තිබූ විශ්වාසය ද සොරකම් කෙරිණි. සමකාමය පිළිබඳ මවා තිබුණේ කුඩා දරුවන් සමග සංසර්ගයේ යෙදීම හෝ මළමිනී සමග සංසර්ගයේ යෙදීම තරමට තුච්ඡු සහ නින්දිත පවක් ලෙසය. කෙල්ලන් වශයෙන් අපට විවාහයට පෙර පවත්වන ලිංගික සබඳතා පිළිබඳ කියා තිබුණේ එසේ කිරීමෙන් අප ‘වේසියන්’ බවට පත්වන බව ය. තවද අප සැමියාගේ හැර වෙනත් කිසිවෙකුගේ  ඕනෑ එපාකම් පිරිමැසිය නොයුතුය. අපගේ ලිංගිකත්වයන් මර්දනය කිරීමේදී ගුරුවරියෝ අපහසුකාරී තරමට දුරදිග ගියහ. සිසුවියන් අතර සමරිසි ස්ත‍්‍රීන් ගැන කොඳුරමින් කතා බස් කෙරුණු අතර අමාරුවෙන් හුස්ම ඇල්ලීම, මැරෙන්නට මෙන් දැ`ගලීම සහ මෝඩ ලෙස සිනහවීම ඒ සාකච්ඡුාවලින් පසු අනිවාර්යයෙන් දැකගත හැකි විය. එය  ඕපාදුප සඳහා රසවත් මාතෘකාවක් විය. ‘ලෙස්බියන්’ යන වචනය පවා අපේ පාසලේ දැරියකට ලද හැකි ඉතාමත්ම භයානකම නිග‍්‍රහය විය. ඒ බවට පිරිසක් ඉදිරියේ වචනයක් හෝ කියැවුණොත් එයින් වන නින්දාව කිසිදා යථා තත්වයට පත් කළ නොහැකි විය. ඔබ සමරිසි ස්ත‍්‍රියක බවට  ඕපාදූපයක් පැතිරුණහොත් එය ඔබට අවසැලකීම් කිරීම සඳහා ගුරුවරියන්ට හොඳටම සෑහෙයි. පාඩමක් අතරමගදී ඔබට ඇණුම්පද කියන්නටත් උපදෙස් කතා පවත්වන්නටත් ඔවුන්ට එය හොඳටම සෑහෙයි. මෙවිට ඔබ ඔබ වැනි අය විසින් නිර්දය ලෙස හිංසාවට පත්වේ. එසේත් නැතිනම් නරකම දෙය වන ඔවුන් විසින් ඔබ ව පිටුදැකීම සිදුවේ. ඇත්ත හෝ නැත්ත හෝ වේවා, සමරිසි ස්ත‍්‍රියක වීමේ නරක නාමය ඔබ පාසලෙන් අස්වන තෙක්ම ඔබ පසුපස හොල්මන් කරන්නට පටන් ගනියි. එය ඔබට වෙනස් කළ නොහැකි දෙයකි.
වරක් 11 ශ්‍රේණියේ ගැහැනු ළමුන් දෙදෙනෙක් ‘නුසුදුසු දේවල්’ කෙටි පණිවුඩ මගින් යවාගනිමින් සිටියදී හසුවිය. ඒවායේ කිසිදු කාමුක දෙයක් තිබුණේ නැත. ඒවායේ තිබුණේ ඔවුන්ගේ ආදරය පිළිබඳ අහිංසක ප‍්‍රකාශනයන් ය. නමුත් වහාම ඔවුන් දෙදෙනා පාසල තුළ වෙන් කෙරුණු අතර දෙමාපියන් ගෙන්වා ඔවුන් ව වෙන් කරන ලෙසට උපදෙස් ද ලබාදීම සිදුවිය. මේ අතර ඔවුන්ට පැය ගණනක් තිස්සේ ඔවුන්ගේ ගුරුවරියන්ගේ දරුණු සහ බරපතළ උපදෙස්වලට සවන් දෙන්නට ද සිදුවිය. පාසලේ ප‍්‍රධාන සිසු සම්බන්ධීකාරකවරිය අපේ පාසලේ උසස් පෙළ කලා අංශයේ පන්ති තුනටම මේ සිසුවියන් දෙදෙනා ගැන කතාව කීවේ ‘කෙල්ලන්ට පිස්සු වැටී සිටින’ තවත් කෙල්ලන් සිටියි නම් ඔවුන්ට කරන  අනතුරු ඇ`ගවීමක් ලෙසය. ඔවුන්ට අනුව ද්වීලිංගිකත්වය මිත්‍යාවකි. එහෙම දෙයක් ලෝකයේ නැත. ලිංගික අත්හදාබැලීම් යනු අතිශයින්ම අසභ්‍ය ඒවා වේ. ඒ නිසා මට මේ කාලයේ කිසිදිනෙක ද්වීලිංගිකත්වය පිළිබඳ නිසි වැටහීමක් ලැබුණේ නැත. මා සමරිසි ස්ත‍්‍රියක යැයි මම උපකල්පනය කළෙමි. මා විෂමරිසි හෙවත් විෂම ලිංගික අයෙක් නොවන බව මා වටහාගත්තේ පාසලේ නව වැනි පන්තියේ සිටියදී ය. කෙසේ නමුත් එයින් වසර ගණනක් යන තෙක් එයින් අදහස් වන දෙය මම නොදැන සිටියෙමි. සම සෙනෙහස් පුරුෂ හෝ සංක‍්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ විසුළු කතා ඉවසා සිටීම මට වේදනාකාරී මෙන්ම නිග‍්‍රහය දනවනසුලූ අත්දැකීමක් විය. ඔබ සමසෙනෙහස් ස්ත‍්‍රියක බවට යන්තමින් හෝ  ඕපාදූපයක් පැතිරුණහොත්, ඔබේ දෙමාපියන් පාසලේ විදුහල්පති කාමරයට කැඳවා ඔබේ අනගාතය පිළිබඳ බරපතළ සාකච්ඡුාවක් කිරීමට තරම් එය ප‍්‍රමාණවත් හේතුවකි. තවද ඔබේ පංති ද තහනම් විය හැකිය. යම්කිසි ‘අශ්ශීල කම’ ක් ගැන ලියුම්, කෙටි පණිවුඩ හෝ අයෝග්‍ය හැසිිරීමක් වැනි යම්කිසි ‘සාක්ෂියක්’ ලැබුණාහොත් එය නිසැක වශයෙන්ම දීර්ඝ කාලීන පන්ති තහනමකට හෝ පාසලෙන් නෙරපා හැරීමට පදනම සපයනු ඇත.
මා පාසලේ ඉගෙනගත් අවසන් අවුරුද්ද වූයේ 2015 වසරයි. ලෙස්බියන් කෙනෙක් යැයි  ඕපාදූප පැතිරී තිබූ, මා දන්නා තරමින් ආදරණීය, මට වඩා එක අවුරුද්දක් පහළ පන්තියක ඉගෙන ගත් දැරියක් සිටියාය. ඇය සහ ඇගේ පෙම්වතිය, ගුරුවරියක් සහ ශිෂ්‍ය නායිකාවක් විසින් අල්ලාගෙන තිබූ අතර, ඔවුන් දෙදෙනොම තරයේ කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන අතර එය කොහෙත්ම නුසුදුසු බව සහ නින්දාසසහගත බවයි. එදින සැබවින්ම කුමක් සිදුවූවාදැයි සැබවින්ම දැන සිටියේ ඔවුන් සිව්දෙනා පමණක් වුවත්, අනුමාන කල්පනා හාත්පස පැතිරීම වළක්වන්නට පුළුවන් වුණේ නැත. මේ අසරණ දැරියන් දෙදෙනා කොහේ ගියත් ඇස් ලොකු කර බැලීම්, කෙණහිළි කම් සහ උපහාසාත්මක කෙඳිරීම් ඇසිණි. ද්වී ලිංගිකත්වය විය නොහැකි දෙයක් ලෙස සැලකූණු නිසා ඔවුන්ගේ කීර්තිය නැත්තටම නැති විය. තුන් වතාවකට වඩා කතා බස් කර නැති වුණත් මේ දැරිය රැුක ගැනීම සඳහා යටපත් කර ගත් ආශාවක් මගේ සිතේ විය. කොරිඩෝවේදී හමුවූ විට ඇය ත් මම ත් එකිනෙකා සමග මද සිනා පා එකිනෙකාට අත් වැනුවෙමු. වරක් පන්තියේ කෙනෙක් සමග යද්දී ඇය මුණ ගැසුණු විට ද මම ඒ අන්දමටම ඇයට අත වැනුවෙමි. ඒ දුටු මගේ මිතුරිය බය භූත වී මා දෙස හැරී මෙසේ ඇසුවාය. ‘‘ඔයා දන්නව නේද, එයා ලෙස්බියන්..හරිද?’ මම මහත් කම්පනයෙන් යුතුව හැරී බැලූවේ ඇය එය නෑසෙන්නට එතැනින් ගොස් තිබුණා ද යන්න දැනගැනීමට ය. ‘ඉතිං?’ යනුවෙන් මම ඇද පැද – දරුණු ලෙස ඇසුවෙමි. එම ස්වරය මට පුදුමයක් නොවුණේ ගුරුවරියන් නැති සාහිත්‍ය කාලපරිච්ෙඡ්ද වලදීත් සමානාත්මතාවය ගැන කතාබස් කරන විට මා එම ස්වරය සහ වදන භාවිතා කර තිබූ නිසාය. එවැනි අවස්ථාවලද එක හ`ඩින් ‘ඔව්’ යැයි පවසමින් සහ මුග්ධ කමේ අසහනයෙන් කුපිත වූ සුසුම් හෙළමින් ඔවුන් මා සමග එක`ග වන අන්දම දැක මට කිසිදා පුදුම නොවී සිටින්නට බැරි විය. තදබදය පිරුණු දූවිලි වැකුණු කාමරයෙන් එළියේ සිටියත් ඔවුහු තවමත්, ඔවුන් විසින් තදබල ලෙස විවේචනය කරන මිනිසුන් තරමටම අමන, මුද්ධ සහ නපුරු අය වූහ. හෝමෝෆෝබියාව සහ ට‍්‍රාන්ස්ෆෝබියාව ඔවුන් වැඩුණු ගැහැනුන් වූ පසු ද ඔවුන් තුළ එකිනෙකට අතිශයින්ම සම්මිශ‍්‍රණය වී තිබේ. ද්වීලිංගික මිතුරියන්ගේ වසංකළ සුසුම් හෝ ඔස්කාර් සම්මාන දිනූ චිත‍්‍රපට හෝ ලස්සන ඛේදාන්ත කතා පොත් හෝ සිය ඛඨඊඔ  දරුවාගේ ඇයදීම්වලට ඔවුන් සමාව දිය හැකි යැයි හෝ ඔවුන් සිතන ක‍්‍රමය වෙනස් කළ හැකි යැයි සිතන්නට නුුපුළුවන.
ජීවිතයක නව යොවුන් විය වෙන් වන්නේ ‘‘තමන්ව සොයාගැනීම’’ සඳහා ය. කලාව සඳහා වූ අභිරුචිය නිසි ලෙස වර්ධනය කර ගැනීමට, ජීවිතයේ වඩාත්ම කැමති දෙය සහ අරමුණ කුමක්දැයි හඳුනාගැනීමට සහ පෞරුෂය නිසි ලෙස වර්ධනය කර ගැනීමට පදනම වැටෙන්නේ එවිට ය. යමෙකුගේ ලිංගික දිශානතිය හෙවත් ලිංගික නැඹුරුතාවය සහ ලිංගික අනන්‍යතාවය, එම තැනැත්තා කවුරුන්ද යන්න තීරණය කිරීමේදී ඉතා විශාල සාධකයකි. වයස අවුරුදු 20 දී පවා අප කවුදැයි සොයාගැනීම සඳහා ලිංගිකත්වය පිළිබඳ පරිබාහිර දෙයක් සිතීම මෙන්ම ලිංගික නැඹුරුතාවය හෝ ලිංගික අනන්‍යතාවය පිළිබඳ සිතීමට දිරිමත් කෙරුණේ නැත. නමුත් හෝමෝ ෆෝබියාව, ට‍්‍රාන්ස්ෆෝබියාව සහ අනෙකාව ඉවසිය නොහැකි කම මනා ලෙස පුරුදු වී තිබූ අතර, එය මිනිසුන් වශයෙන් අප කවුද යන්න තුළ අන්තර්ගත කොටසක් බවට ද පත්ව තිිබිණි. මෙසේ අභ්‍යන්තරීකරණය වූ හෝමෝෆෝබියාව පසුකලෙක නොමනාපය, ප‍්‍රතිවිරෝධය, අවපීඩනය, කාංසාව සහ සිය කැමැත්තෙන් හුදෙකලාවීම දක්වා වර්ධනය වෙයි. මවිසින් මාවම ද්වීලිංගිකයෙකු වශයෙන් ලේබල් කරගෙන තිබීම ගැන මට සැහැල්ලූවක් දැනුණේ මා පාසලෙන් අස් වී මද කලකට පසුව ය.
අපට වෙනස් වන්නට පුළුවන් බව මගේ මව කියන්නීය. අප ට කුමක් උගන්වා තිබුණත් අපට වෙනස්වීම තෝරාගන්නට පුළුවන. නමුත් නිවසේ පදනමේ ම කුහර සෑදී තිබේ නම් නිවස එම පදනම මත දරා සිටින්නේ කොහොමද? තදබල කාංසාව, විශාදය, තමන් පිළිබඳ අඩු ආත්මාභිමානය, අධිකාරීන් වෙත දක්වන නුරුස්නාසුලූ අමනාපය, අත්හැරගත නොහැකි පරිදි බොරුකීම, තමන්ටම හිංසා කර ගැනීම සහ ආහාර පුරුදුවල ගැටලූවක් පාසලට ස්තූති වන්නට මට ලැබුණු තෑගි අතර වේ. අධ්‍යාපනය සපයන්නන් විසින් සිදුකරන කෲර මර්දනය එයට බොහෝ දුරකට හේතු වන්නට ඇත. මේ දැන් පවා පාසල මගේ සිතේ නපුරු ලෙස හොල්මන් කරයි. සිත තුළ මා රුවාගෙන සිටින හෙවත් අභ්‍යන්තරීකරණය කරගත් හෝමෝෆෝබියාව සහ බයිෆෝබියාව නිසා තවමත් මම ලැජ්ජාවටත් බියටත් පත් වන්නෙමි. එය මට මා වසංකරගෙන සිටීමට පොළඹවයි. මේ නිසා මම මගේ හෝමෝෆෝබියා ඥාතීන් සමග දබර වන්නෙමි. මා කවුද යන්නේ වැඩි බර, මේ ස්වභාවය නිසා මගේ මවගෙන් මම වසං කරන්නෙමි. එසේ කිරීම මගින් ඇත්තෙන්ම මා කවුද යන රහසේ බරෙන් ඇයව ගළවා ගැනීමට මට නොහැකි වී තිබේ. ඔබ කවුද යන්නේ පදනම විසකුරු නම් එයින් ඔබට පළා යා නොහැකිය. එම පදනම විසින් ඉක්මනින් හෝ ප‍්‍රමාද වී හෝ ඔබ වෙත විෂ ඇතුල් කරයි. එය ඔබේ ඇතුළාන්තයට මළකඩ කන්නට සලස්වයි. ඔබ ජීවත් වන හැම දිනයක්ම මරා දමයි. මේ වධහිංසාව අවසන් වන මිනිත්තුවේදී ඔබ වසර ගණනක් තිස්සේ පැවති සිරභාරයෙන් මිදෙයි. ඉන්පසු එක්කෝ ඔබ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට ගොදුරු වනු ඇත. එසේත් නැතිනම් මා මෙන්, එයින් ඔබ මත ශේෂ වූ හැම බලපෑමකම-හැම ලකුණක්ම ඉවත් කර ගන්නට වෙර දරමින් ඔබ ඔබවම පහුරු ගා ගනු ඇත. අපමණ සිරුර විදගැනීම්, පච්චා (ටැටූ) කොටාගැනීම් හෝ මුක්තිය ලැබීමේ විප්ලවකාරී ප‍්‍රකාශනවල, ඔබ ට කියා ඇති-වරක් ඔබ ද විශ්වාස කළ සහ දැන් ඔබට ආවේණික වී තිබෙන ඔවුන්ගේ පටු අගතීන් නැති කිරීමට නොහැකි වනු ඇත.
විශාදය, කාංසාව, ඉගෙන ගැනීමේ දුෂ්කරතා, කෑම ගැනීමේ ගැටලූ සහ ද්වීලිංගිකත්වය සැබෑවන් ලෙස සැලකුණේ නැත. ඒවා සැලකුණේ බටහිර ලෝකය සිහිනෙන් දකින, පිටසක්වළ ට අයත් කම්මැලි හෝ අශ්ශීල සංකල්ප ලෙසය. ඒවා අපේ සංස්කෘතියේ කොටස් නොවන අතර එමනිසා ඒවාට පැවැත්මක් නැතැයි සැලකිණි. ගැටලූව වූයේ මේ සියලූ දෙය මට තිබීම සහ ඒ සියලූ දෙයම, මා වීමයි. ද්වීලිංගිකත්වය පවක් සහ අස්වාභාවික දෙයක් යැයි කියා දී තිබීම නිසා වසර ගණනාවක් මුළුල්ලේ මා විඳි වේදනාවන් ගුරුවරියන්ට හෝ මව්වරුන්ට කිසිිවිටෙක අදාළ වූයේ හෝ දැනුණේ නැත. මගේ ගුරුවරුන්, දෙමාපියන්, ඥාති සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් සහ ඥාතීන් විසින් මේ තත්වයෙන් මිදෙන්නැයි නැවත නැවතත් කියාපෑම තුළින් මා තුළ දැන් එය පැළපදියම් වී තිබේ. දැන් ඔවුන් සියලූ දෙනාම මට චෝදනා කරන්නේ මා ඇල් මැරුණු-උදාසීන අයෙක් සහ හුදෙකලා කෙනෙක් බවට පත්වී ඇති බව කියමිනි. මගේ ප‍්‍රශ්න ගැන කතාබස් කරන විට මම ‘වදකාර’ හෝ ‘ආත්මාර්ථකාමී’ අයෙක් බවට පත්වන්නෙමි. එම ප‍්‍රශ්න කිසිවෙකුට නොකියා මටම සීමාකරගෙන සිටින විට මම ‘තරහගන්නා’, ‘හුදෙකලා’ සහ ‘ඇල්මැරුණු’ කෙනෙක් බවට පත්වන්නෙමි. හොඳ හැටි ගුටි කෑවා නම් හොඳ යැයි කියා සමහර වේලාවට මට සිතේ. එවිට නිල්පාට වූ තැලූමක, තැළී කළු වූ ඇසක, සුවවෙන තුවාළ කැළැලක, පැලූණු තොලක ඡුායාරූපයක්  හෝ පතුරක් ගිය දතක් නිසා කරන ගොතගැසීමක් මට ඉතිරිවනු ඇත. එවැනි දෙයක් සමාජය විසින් මා ඇද දැමූ නිරයේ තරම ගැන සාක්ෂියක් වනු ඇත. එවිට නොනැසී ඉතිරි වූ කෙනෙක් වශයෙන්, ඒ එක් එක් ඡුායාරූපයක තිබෙන එක් එක් කැළල වෙත ඇ`ගිල්ල දිගුකර ඒ එක එකක ලේ වැකුණු උපත ගැන පවසන්නට පුළුවන. නමුත් ඒ වෙනුවට මට අද ශේෂ වී තිබෙන්නේ භාවමය ඔලොගුවකි. චිත්තවේගයන්ගෙන් පිරුණු මහා බරකි. එය නොවැදගත්, අමිහිරි කෙනෙක් වීමේ හෝ වැදගැම්මකට ඇති කෙනෙක් නොවීමේ වේදනාවෙන් උරහිස් හකුළුවා දමයි. මම මගේ ක‍්‍රමයට ජීවත් වන්නේ කෙසේදැයි නිරන්තරයෙන් මිනිසුන්ට පහදා දෙන්නටත් ඒ ගැන ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින්නටත් මට සිදු වී තිබේ. නමුත් මාගේ ආත්මය බිඳ දැමීම ගැන ඒ එකෙක්වත් කිසිදා මගෙන් සමාව ඉල්ලා නැත. එය කිසිදිනෙක සිදුනොවන බව ද මම දනිමි. ශිෂ්‍යයන්ගේ මානසික යහපැවැත්ම ගුරුවරුන්ට මහ දෙයක් නොවේ. ඔවුන් විසින්, අසංවේදී සහ පටු මනස් ඇති වැඩිහිටි පරම්පරා නැවත නැවතතත් බිහි කරමින් සිටීම ද පුදුමයක් ද නොවේ.
-HH-

1 Comment

  1. wow.. appreciate your openness. it is unbelievable. respect you.


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s