සමසෙනෙහස්, ද්වීසෙනෙහස් හා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට එරෙහිව සිදුවන හිංසන පිටුදැකීම

සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී පුද්ගලයින් යම් අඩුපාඩුවක් සහිත පුද්ගලයින් බවත්, ඔවුන් සඳහා අනුකම්පා සහගතව කටයුතු කල යුතු බවටත් මතයක් සමාජගත කිරීමට උත්සහ දරමින් සිටින අවධියක ඒ වෙනුවෙන් ඊට අභියෝග කර යමක් කිරීමට එකතුවීම අත්‍යවශ්‍ය කරුණකි. ඔවුන් සඳහා අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව සම අයිතියයි. සියලු මානවයන්ට හිමි මානව අයිතියයි. වර්තමාන ලෝකයේ රටවල් බොහොමයක හා ලෝක නිල සෞඛ්‍ය සංවිධාන වලින් පවා සමලිංගිකක්වය අසනීපයක් හෝ පුද්ගල අඩුපාඩුවක් නොවන බවට තහවුරු කර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙද්දී අප රට තුල තවමත් ඒ බව පිළිගැනීමට කරම් දියුණු මනසක් හෝ ශක්තියක් නොමැති පුද්ගලයන් විසීම අභාග්‍යසම්පන්න තත්වයකි.

රටක සංස්කෘතියක් එම රටතුල සමාජය තුල වෙසෙන මිනිසුන් තුල උදාර ගතිගුණ ඇති කිරීමට සමත් වන අතර එය යම් යම් පුද්ගල අභිමතය හෝ රුචි අරුචිකම් මත වෙනස් විය හැකි යැයි මා නොසිතමි. කිසිම පුද්ගලයකු රූපයෙන් හෝ ගතිගුණවලින් හෝ අභ්‍යන්තරව හෝ බාහිරව හෝ සෑම අතින්ම සර්ව සම්පූර්ණයෙන්ම සමාන වන්නේ නැත. රූපයෙන්, ගතිගුණ වලින්, ජීවන ශෛලීන්ගෙන්, පෞරුෂයෙන්  මිනිසුන් එකිනෙකාට වෙනස් වෙති. ඉඳින් එසේ පැවතිය දී තවත් එක් පුද්ගලයෙකුගේ වෙනස් වූ ජීවන ශෛලිය හෝ පෞරුෂත්වය පුද්ගල අඩුපාඩුවක් හෝ අසනීප තත්වයක් ලෙසින් අර්ථ ගන්වන්නට හෝ ගැරහුම් කරන්නට අයිතියක් ඇතැයි පිළීගත නොහැක. සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික යන්න පුද්ගල පෞද්ගලික අනන්‍යතාවයයි. නමුත් මෙසේ මිනිසුන් බෙදා වෙන්කරමින් ලේබල් ගසන මිනිසුන් විසින්ම සමානාත්මතාවය හා සහජීවනය ගැන පාරම්භාති. තවත් එක් සාමාන්‍ය මිනිසුන් කොටසක් සමාජයෙන් වෙන් කරමින්, ගරහමින් පෙන්නන්ට හදන සාමානාත්මතාවය කුමක්ද යන්නත් එම සමාජගත පුද්ගල කොටස අතහැර සමානාත්මතාවය හෝ සහජීවනය ගැන අර්ථ දැක්වීමක් කරන්නේ කෙසේද යන්නත් පිළිබඳව ඔවුන්ට ගැටළුවක් නොවීම පුදුම සහගතයි. මෙම මිනිසුන්ගේ හැසීරීම්, ජීවන ශෛලීන් පමණක් පහත් කර සලකන්නේ කුමන සාමානාත්මතා න්‍යායක් මත සිට ද යන්න විමසිය යුතු කරුණකි. සමසෙනෙහස් ප්‍රජාව එසේ නැත්නම් ‍සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව තුල ජීවත් වන්නේ ද මිනිසුන්ය. සාමාන්‍ය මිනිසුන් ය.

ජාති, ආගම්, කුල භේදයකින් තොරව ආදරය ඇතිවිය හැකි බව සියලු දෙනාම පිළිගන්නා කරුණකි. නමුත් ස්ත්‍රී පුරුෂ යන ලිංග භේදය පමණක් ආදරයේ දී පැවතිය යුතු බවට මෙම සමාජය තර්ක කරන පදනම මා හට පැහැදිලි නැත. සැමට මෛත්‍රිය කරුණාව පැතිරවීමේ දී ද මෙම තත්වය අමතක කල නොහැක. අප සිත්තුල මෛත්‍රීය ඇතිවිය යුත්තේ තමන් කැමති පරිදි හැසිරෙන හා තම සිත්තුල ඇති කරගෙන ඇති සම්මතයට එකඟවන මිනිසුන් සඳහා පමණක් විය යුතු යැයි මා නොසිතමි. ඊට පරිබාහිරව යම් පුද්ගලයෙක් වේ නම් ඔවුන්ගේ ජීවන ශෛලිය හෝ පෞරුෂය අනුව ඔවුන්ට වෛර කිරීම හෝ නිදහසේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම අප කිසිවකුට අයිතියක් නැත. සම්බුද්ධ දර්ශනය අනුව වුව ද මෛත්‍රිය මිනිසුන්ගේ තරාතිරම නොබලා සැමටම පැතිර විය යුත්තකි. එහිදී සම්බුද්ධ දේශනාවේ කිසිම තැනක මෛත්‍රීය පැතිරවීමේ දී  මෛත්‍රිය දැක්විය යුතු මිනිසුන් කවුරුන් ද යන්න වර්ග කර දක්වා ඇති බවක් දක්නට නොමැත.  කතෝලික ධර්මය  අනුව වුව ද සැමට ප්‍රේම කළ යුතුයි යන්න තුල සියලු මිනිසුන් ම අයත් විය යුතුයැයි මා සිතමි. එහිදී ද තම සිතුම් පැතුම් හා ගැලපෙන මිනිසුන් පමණක් සම්මතයැයි හුවා දක්වමින් ඔවුන් වෙනුවෙන් පමණක් ඉදිරිපත් වීමට වර්තමාන කතෝලික සංගම් විසින් උත්සහ දැරීමේ දී ඔවුන්ගේ ධර්මයේ එක් හරවත් දේශනාවක් වන සැමට “ප්‍රේම කරන්න” යන්න බිඳ වැටී ඇති බව ඔවුන්හට නොතේරී ඇත. මෙම සියලු තත්වයන් හා කරුණු තේරුම් ගතහැකි වන තරම් මෙහි මිනිසුන්ගේ චිත්ත සන්තානය දියුණු වන්නේ නම් එදිනට සියලු දෙනාම සතුටින් සිටිනු ඇති බව නිසැකය.

එසේම අනන්තවත් චිත්‍රපටි, ටෙලි නාට්‍ය හරහා සමාජය තුල ජීවත් වන ‍සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව පුද්ගලයන් එක් සාමාන්‍ය මිනිසුන් කොටසක් ලෙස නොව ඔවුන් අසාමාන්‍ය තත්වයට පත්කිරීමට හා පහත් කිරීමටත් එතුලින් සමාජය තුල ඔවුන්ට ලැබිය යුතු නිසි තැන ලැබීම වැළැක්වීමටත් කටයුතු කරන බව දකින්නට ලැබෙයි. මිනිසුන්ට සමීප විය හැකි මෙවැනි මාධ්‍යන් තුලින් සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාව තුල ජීවත් වන මිනිසුන් අසනීපකාරයන් විහිලුකාරයන් ලෙස හුවා දක්වමින් කරන සමහර ඉදිරිපත් කිරීම් ඔවුන් සමාජය තුල තව තවත් අසරණ කිරීමට ඉවහල් වනු ඇත. ඔවුන් සමාජය තුල සාමාන්‍ය පරිදි ජීවත් වීමට ඉඩක් හදා ගැනීමට දරණ උත්සහයට අභියෝගයක් වනු ඇත.

එසේම එම ප්‍රජාව තුල ජීවත් වන මිනිසුන් ද අප රටේ ආර්ථිකය දියණුවට විශාල දායකත්වයක් සපයන අවස්ථා එමටය. කෙසේද යත් සමාජයේ පවතින සෑම තරාතිරමකම රැකියාවවල, වෘත්තීන් වල හා ව්‍යාපාරිකයන් අතර විශාල වශයෙන් ඔවුන් විසින් වැදගත් දායකත්වයක් සපයයි. ඔවුන් විසින් රජයට බදුමුදල් ගෙවීම තුලින් පවා එය අවධාරණය කළ හැක. එසේනම් මෙවැනි මිනිසුන් වෙනුවෙන් සාමානාත්මතාවයක් දක්වන්නට සමාජයට නොහැකි වන්නේ ඇයි? ඔවුන් සමාජය හා රට වෙනුවෙන්, එහි ආර්ථිකය වෙනුවෙන් දරන දායකත්වය කිසිවෙකු විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය හා සියලු මිනිස් අයිතිවාසීකම් සමව වීදීමේ අයිතිය පමණක් ප්‍රතික්ෂේප කරයි.

එබැවින් මෙම තත්වය පිළිබඳව ද කාගේත් අවධානය යොමු විය යුතු අතර ඒ වෙනුවෙන් යම් සාධාරණයක් ඉදිරියේ දී හෝ ඉටු විය යුතුය.

වසර 134 ක් තිස්සේ සිදුවන මේ අසාධාරණ වෙනස් කොට සැලකීම හා මිනිස් අයිතිවාසීකම් උල්ලංඝණය කිරීම දැන්වත් අවසන් විය යුතු යැයි මා සිතමි. සමාජයේ සංවර්ධනයට, ආර්ථික දියුණුවට ‍සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා අනන්‍යතාව ප්‍රශ්නභාවී පුද්ගලයින්ගේ දායකත්වය හා සහභාගීත්වය ඉදිරියටත් පැවැතියය යුතු යැයි මා තර්ක කරමි. එසේනම් ඒ වෙනුවෙන් ඔවුන්ට සිදුවන හිංසනය, පීඩනය හා වෙනස්කොට සැලකීම දැන්වත් අවසන් විය යුතුයි.

“සමසෙනෙහස්, ද්වීසෙනෙහස් හා සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට එරෙහිව සිදුවන හිංසන පිටුදැකීම” පිළිබඳ අන්තර්ජාතික දිනය වන මැයි 17 පැවැත්වෙන අනුස්මරණ උත්සවය වෙනුවෙන් මේ සටහන එක් කරමි.

ප්‍රියදර්ශනී ද සිල්වා

2017.05.02

Advertisements

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s