What does our culture mean?

Piyadarshani de Silva gives her take on the recent attacks by Sinhala Buddhist nationalists who, apart from other slanderous accusations, maintain that Homosexuality is destroying our culture and is a Western Import.  Sinhala Text follows this article.


I express my sincere gratitude to EQUAL GROUND for your social work amidst of all threats and insults, with unshaken enthusiasm. Recent Facebook post posted on EQUAL GROUND Facebook page looking unshakably at those who spread misconceptions and hatred hoping to stop EQUAL GROUND’s good work, is praiseworthy. It is a valuable attempt in showing selflessness and peacefulness embedded in EQUAL GROUND’s work.

I’m writing this in order to converse about the accusations that have been made on social media sites stating that the work of EQUAL GROUND is destroying the civility and culture of our country.

It is obvious to anyone who wishes to think wisely that some groups are attempting to create unnecessary conflicts in the name of culture and civility in order to fulfill their narrow personal expectations. It is indeed unfortunate that they are trying to convert personal opinions of a few to a social standpoint. Such individuals and/or groups are unable to understand that trying to spread hateful beliefs don’t do any good to neither their mindsets nor people, regardless of what their intention is.

I strongly believe that trying to protect the culture of a country has nothing to do with destroying the lives or right to life of a section of the citizens. Especially in our culture, there is no space for such actions. Major reason for that, as I see, is that our culture is highly nurtured by Buddhism.  In Buddhism, there is no space for such hateful ideologies at all. It is neither advisable nor appropriate to let a handful of persons who haven’t understood this fact, to spread hatred against lesbian, gay, bisexual, transgender/ transsexual, intersex and questioning persons. I am writing this as a person who firmly believes that spreading hate through social media may destroy nothing but humanity and humane ethics. There are a plenty of incidents that shows how the culture is destroyed in actuality.  If though through those incidents, it would clearly show that reason for the decaying of culture is nothing but people who chase selfish expectations throwing behind kindness and love – to actually protect our culture, we must not spread hate but establish love in the society. That would be the best way which will automatically protect culture, country, society and human rights. LGBTIQ persons only demands the opportunity to live in peace and dignity and to express loving kindness towards them. Nevertheless, we can find as many instances as we need from our history that prove Buddhists, from birth, are filled with kind, peaceful and humane qualities. Some so called Buddhists, in present, have forgotten these fundamental qualities of Sinhala Buddhists for individual-centered benefits.

Moreover, the wise would understand that a person’s sexual orientation and/ or gender identity is merely a personal thing and is not a weakness or a short coming. They just want to live their lives just like all others. Nobody is capable of changing the nature of the life they had from birth. Like every other person they also are people who like to live without bothering to anyone in the society. No person can change the way they were born – taking that very same fact as a reason, no culture motivates us to discriminate, mislabel, ridicule and fill others’ lives with tears. Although they are of many and various sexual orientations, they still are normal human beings living with us in a one country which makes tells us that they too have the same right in our culture just like everyone else. So on what ground should we separate fellow LGBTIQ persons from our culture? I find it confusing why they don’t belong to our culture. A country and a culture is not a property of few but of many and all living in the country.


We, as Buddhists, should treat each and every one with equal love and compassion. It is my belief that even in other religions and races, equal treatment towards everyone is accepted. A lot of people in our society tend to forget about love and compassion in order to gain their personal needs by any means. That is why LGBTIQ persons are discriminated and we need organizations dedicated to protect their rights. If they were allowed to live peacefully and happily, we wouldn’t want such organizations. By writing this, I hope to support the good work you do.

-Priyadharshani Silva, 17.6.2016-


වරින් වර EQUAL GROUND ආයතනය වෙත එල්ල වන ගැරහුම්, තර්ජන මධ්‍යයේ EQUAL GROUND ආයතනය විසින් නොසැලෙන ධෛර්යකින් යුතුව ඉටු කරන සමාජ මෙහෙවර පිළිබඳව නැවතත් මගේ ස්තූතිය පිරිනමමි. ආසන්න දිනක දී EQUAL GROUND ආයතනය, තම ෆේස් බුක් පිටුව මත තබා තිබූ සටහන සැබැවින්ම අගය කළ යුත්තකි. එනම් එම ආයතනය මගින් කරන සමාජ මෙහෙවර අවබෝධ කර ගැනීමට නොහැකි හෝ එම කාර්යය නවතාලීමට උත්සහ දරමින් නොයෙක් දුර්මත සමාජය පුරා වපුරන පුද්ගලයන් දෙස උපේක්ෂා සහගතව බලමින්, ඔවුන් වෙත ස්තුති කර තිබීමයි. සැබැවින්ම එය, EQUAL GROUND ආයතනයේ කාර්යයන්හි පවතින පරාර්ථකාමීත්වය හා සාමකාමී හැගීම සැමටම පසක් කර ලීමට දරන ලද අගනා උත්සහයකි.

මෙම සටහන මා තැබීමට අරමුණු කර ගත්තේද  EQUAL GROUND ආයතනයේ ක්‍රියාකාරීත්වය අප රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ වීමක් සිදුවන බවට නොයෙක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නගා ඇති චෝදනා වල පවතින සත්‍යතාවය මගේ දැනීමේ හැටියට විමසා බැලීම සඳහාය.

සංස්කෘතිය හා සභ්‍යත්වය පෙරට දමමින් සමහර සමාජ කණ්ඩායම් විසින් තම පෞද්ගලික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට හා ශ්‍රීලංකික සමාජයේ ජන කොටස් තුළ අනවශ්‍ය ගැටුමක් මවා පෙන්වීමට නිරර්ථක උත්සහයක් දරන බව බුද්ධිමත්ව සිතා බලන ඕනෑම අයකුට පැහැදිලි වනු ඇත. කීප දෙනෙකුගේ පෞද්ගලික මතයක් මුළු මහත් සමාජයේම මතයක් හෝ අදහසක් බවට පත් කර ගැනීමට ඔවුන් උත්සහ දරමින් සිටීම සැබැවින්ම කණගාටුදායකය. කුමන හේතුවක් මුල් කර ගනිමින් හෝ වෛරී සිතුවිලි සමාජය තුල පැතිරවීම තුලින් ඔවුන්ගේ චිත්ත සන්තානයට හෝ අනුන්ට සිදුවන යහපතක් නොමැති බව එවැනි පුද්ගලයන්හට තේරුම් ගැනීමට නොහැක.

යම් රටක සංස්කෘතිය රැක ගැනීමට වෙර දැරීම යනු ඒ රටේ ජීවත් වන තවත් එක් අහිංසක මිනිසුන් කොටසකගේ ජීවිත විනාශ කිරීම හෝ ජීවත් වීමේ අයිතිය නැති කිරීම නොවන බව මා තදින්ම විශ්වාස කරමි. විශේෂයෙන් අපේ රටේ සංස්කෘතිය තුල නම් කොහෙත්ම එවැනි කාර්යයකට අවකාශ නැති බව පැහැදිලිව සිතමි. ඊට ප්‍රධාන හේතුව නම් අප රටේ සංස්කෘතිය, බුදු දහමින් පෝෂණය වී තිබීමයි. බුදු දහම තුල කෙසේවත් එවැනි වෛරී අදහස් වලට ඉඩක් නැත්තේමය. එලෙස බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියක, එම රටේම, එම සංස්කෘතිය තුලම ජීවත් වන තවත් එක් අහිංසක මිනිසුන් කොටසකගේ ජීවිත්වීමේ අයිතියට අභියෝග කර නොමැත. මේ පිළිබඳව හරිහැටි තේරුම් නොගත් කීප දෙනෙකු විසින් සංස්කෘතිය රැක ගැනීම යන වචනයට මුවා වී සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන්ට එරෙහිව තම පෞද්ගලික වෛරී අදහස් සමාජය තුල වැපිරීම යෝග්‍ය නොවනු ඇත. මෙම සටහන මා තබන්නේ ද එවැනි වෛරී අදහස් සමාජ ජාල වෙබ් අඩවි හා නොයෙක් ක්‍රම ඔස්සේ ප්‍රචාරය වීම තුලින් විනාශ වන්නේ අනෙකක් නොව මිනිස්කමම(මනුෂ්‍ය ධර්මයන්ම) පමණක් වන බව තදින් විශ්වාස කරන්නෙකු ලෙසය. නියම ලෙස සංස්කෘතිය විනාශ වන අයුරු විදහා දැක්වෙන උදාහරණ අවශ්‍ය තරම් සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන අවස්ථා එමටය. එම උදාහරණ ඔස්සේ අධ්‍යයනය කර බැලුවහොත් ඊට හේතුව, එලෙස සංස්කෘතිය විනාශ කරන මිනිසුන් විසින් කරුණාව, මෛත්‍රිය පසෙකලා ආත්මාර්ථකාමී සිතුවිලි ඔස්සේ පමණක් දිව යෑම නිසා සිදුවන බව පැහැදිලි වනු ඇත.  සැබෑවටම සංස්කෘතිය රැක ගැනීමට අවශ්‍ය නම් අප කළ යුත්තේ වෛරය වැපිරීම නොව කරුණාව, මෛතිය සමාජය තුල මුල් බැස්සවීමයි. එවිට සංස්කෘතියත් රටත් සමාජයත් සමඟම සියලු මිනිසුන්ගේ අයිතීන් ද රැකෙනු ඇත. සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන් ද සමාජය තුලින් ඉල්ලා සිටින්නේ ඔවුන් වෙත වෛර නොකර කරුණාව හා මෛත්‍රීය දක්වමින් ඔවුන්ට සමාජයේ ගෞරවයෙන් යුතුව නිදහසේ ජීවත්වීමට ඉඩ පස්ථාව ලබා දෙන ලෙසය. කෙසේවෙතත් සිංහල බෞද්ධයා උපතින්ම කරුණාවන්ත හා සාමකාමී, මිනිස්කම්වලින් පිරුණ ජාතිකයක් බවට උදාහරණ ඕනෑතරම් අපගේ අතීතයෙන් සොයා ගත හැක. වර්තමානයේ දී සමහර සිංහල බෞද්ධයන් සිය පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා සහජයෙන් සිංහල බෞද්ධයා තුල පිහිටන මෙම ගුණාංග අමතක කර ඇත.

තවදුරටත් පවසන්නේ නම් පුද්ගලයකුගේ ලිංගික නැඹුරුතාවය හෝ දිශානතිය, එම පුද්ගලයාගේ උප්පත්තියෙන් ඇතිවන අතිශයින් පෞද්ගලික කාරණාවක් මිස එය ඔවුන්ගේ දුර්වලතාවයක් හෝ අඩුපාඩුවක් නොවන බව ඕනෑම බුද්ධිමත් අයකුට පසක් වනු නිසකය. අනෙක් පුද්ගලයන් මෙන් ඔවුහු ද සමාජයේ කිසිවෙකුටත් කරදරයක් නොවී, සාමාන්‍ය පරිදි තමන්ගේ පාඩුවේ ජීවත් වන්නෝ වෙති. උපතින් ඔවුන් ලැබුවා වූ ජීවිතයේ ස්වභාවය කිසිවෙකුට වෙනස් කල නොහැක. එයම හේතුවක් කර ගනිමින්, එනම් එම තත්වය ඔවුන්ගේ වරදක් ලෙස හුවා දක්වමින්, තමන්ගේම සහෝදර මනුස්ස කොට්ඨාශයකගේ ජීවිත වලට අපහාස උපහාස කරමින්, එම ජීවිත කදුලින් පුරවමින්, ඔවුන් සමාජයෙන් කොන් කර නොයෙක් පීඩා විදින තත්වයකට ඇද දැමීම තුලින් රැක ගැනීමට වෙහෙසෙන සංස්කෘතිය කුමක් ද යන්න ගැටළුවකි. විවිධ ලිංගික නැඹුරුතාවයන්ගෙන් යුතු වුව ද ඔවුන් ද එකම රටක, එකම සංස්කෘතියක් තුලම ජීවත්වන  සාමාන්‍ය මිනිසුන්ය. එනම් එකම රටක, එකම සංස්කෘතියක් තුල ඉපදී හැදී වැඩී ජීවත් වෙයි නම් එම සංස්කෘතිය පිළිබඳව සියලු දෙනාටම අයිතියක් හා වගකීමක් තිබිය යුතුමය. එසේනම් අප සමාජය තුලම ජීවත් වන සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයින්ව පමණක් එතුලින් වෙනස් කර හෝ වෙන් කර දකින්නේ කෙසේද ? යන්නත් ඔවුන්ට එම සංස්කෘතිය තුළම ඉඩක් අහිමි කර ඇත්තේ කෙසේද? යන්නත් හා ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ද මෙම සංස්කෘතිය යටතට අයත් නොවන්නේ කෙසේද? යන්න මාහට විශාල ගැටළුවකි. රටක සංස්කෘතියක් යනු කිහිප දෙනෙකුගේ පෞද්ගලික බූදලයක් හෝ අයිතියක් නොව එම රට තුල ඉපදී හැදී වැඩෙන සියලුම මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් වලින් අන්තර්ගත වූ හා ඒ පිළිබඳව සැමට අයිතියක් සහ වගකීමක් ඇති දෙයක් බව මාගේ හැගීමයි.


සියලු සත්වයන්හට සමාන කරුණාවකින් හා මෛත්‍රියකින් යුතුව සැලකීමට විශේෂයෙන් බෞද්ධයන් ලෙස අප පුරුදු පුහුණු විය යුතුමය. අනෙක් ආගම් හා ජාති වල වුවද සියලු පුද්ගලයින් කෙරෙහි කරුණාවකින් හා මෛත්‍රියකින් යුතුව ක්‍රියාකිරීමේ වැරැද්දක් නොදකිනු ඇති බව මා විශ්වාස කරමි. අප සමාජයේ වෙසෙන බොහෝ මිනිසුන් තම ආත්මාර්ථකාමී අදහස් පමණක් මුදුන් පමුණුවා ගැනීමට හා තම පෞද්ගලික වාසි තකා පමණක් ක්‍රියාකාරී වීම නිසා මෙම කරුණාව මෛත්‍රීය පිළිබඳව අමතක කර ඇත. එවැනි හේතුන් මත අප සමාජය තුලම ජීවත් වන සමසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී, ද්විසෙනෙහස් පුරුෂ – ස්ත්‍රී , සංක්‍රාන්ති සමාජභාවීය පුරුෂ – ස්ත්‍රී, අන්තර් ලිංගික හා ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නනභාවී පුද්ගලයන්ට නොයෙක් ගැහැට හා අපහාස උපහාස වලට මුහුණ දීමට සිදුව ඇත. එවැනි මිනිසුන් වෙනුවෙන් සංවිධාන බිහිවන්නේ ද එබැවිනි. ඔවුන්ට ද සතුටින් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබුනා නම් එවැනි සංවිධාන වල අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇත. නමුත් සමාජය විසින්ම තම වගකීම් පැහැර හරිමින් සිටින මොහොතක,  සමාජය විසින් ම අතහැර දැමීමට සුදානම් වී ඇති තවත් සමාජයේ ම එක් මිනිසුන් කොටසක් වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට EQUAL GROUND ආයතනය භාරගෙන තිබීම ප්‍රසංශනීය කටයුත්තකි. ඔබ ආයතනය කරන මෙම කාර්යයට මාගේ ශක්ති ප්‍රමාණයෙන් තවදුරටත් ශක්තියක් වීමේ අදහසින් මෙම සටහන මා තැබුවෙමි.

-ප්‍රියදර්ශනී සිල්වා, 2016.06.17-

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s