එදිනෙදා ජීවිතයේ සෑම දිනයක්ම කාන්තා දිනයක් වන අතර සැමදාම අප කාන්තාවන්ට ගරු කළ යුතුයි. ඔවුන්ව උතුම් ලෙස ප‍්‍රශංසාවෙන් යුතුව පෝෂණය කළ යුතු අතර අපට ජීවන හුස්ම දානය කිරීම වෙනුවෙන් ඔවුන්ට සැමදා තුති පිදිය යුතුයි.


මෙවර ඊක්වුල් ග‍්‍රවුන්ඞ් ආයතනයේ කාන්තා දින සැමරුමේ තේමාව වුයේ ශ‍්‍රී ලාංකික සමලිංගික, ද්විලිංගික හා සංක‍්‍රාන්තික ලිංගික කාන්තාවන්ට එරෙහිව වැඩි වෙමින් පවතින ප‍්‍රචණ්ඩත්වයයි. 2012 මාර්තු මස 09 වැනි දින කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදි මෙය පැවැත්වුණි. එය කාන්තාවන් ස`දහාම පමණක් වූ තේ පැන් සංග‍්‍රහයක් වූ අතර තානාපතිරියන්, ව්‍යාපාරික කාන්තාවන්, රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන් හා සැලකිය යුතු තනි පුද්ගලයින්ද මේ ස`දහා සහභාගි වුනි.
මෙහි ප‍්‍රධාන කථාව පැවැත්වූ නෝර්වේජියානු තනාපතිවරිය හිල්ඩි හර්ල්ස්ටඞ් මහත්මිය නෝර්වේ හී කාන්තාවන්ට එරෙහිව පවතින ප‍්‍රචණ්ඩත්වය හා සස`දන විට ලංකාවේ ඊක්වුල් ග‍්‍රවුන්ඞ් ආයතනය මේ සම්බන්ධව කි‍්‍රයා කිරීම පිළිබ`දව අගය කරන ලදි.
මෙවර කාන්තා දින සැමරුමේ සංක‍්‍රාන්තික ලිංගික සොහොයුරියන්ට විශේෂ තැනක් හිමිවූ අතර ”ආකාස කුසුම්” නම් සංක‍්‍රාන්තික ලිංගික සොහොයුරියන්ගේ කණ්ඩායම විසින් අලංකාර පූජා නර්තනාංගයකින් සන්ධ්‍යාව විකසිත කරන ලදි. ශෂි කුමාර් නම් සංක‍්‍රාන්තික ලිංගික සොහොයුරිය විසින් සංක‍්‍රාන්තික ලිංගික සොහොයුරියක් හැටියට තම ජීවිතය නම් කටුපලස මත මෙතරම් දුර පියමැනු ආකාරය සහ එහිවු දුෂ්කර සන්ධිස්ථාන පිළිබ`දව ස`දහන් කරමින් කථාවක් පවත්වන ලදි. ඉන් අනතුරුව ආකාස කුසුම් සොහොයුරියන්ගේ විලාසිතා දැක්මෙන් සන්ධ්‍යාව වර්ණවත් විය. මේ ස`දහා ඇ`දුම් නිර්මානය කරන ලද්දේ නීෂා විසිනි.
මීලගට සභාව අමතන ලද්දේ ඊක්වුල් ග‍්‍රවුන්ඞ් හී විධායක අධ්‍යක්ෂිකා රොසැනා ෆ්ලේමර් කල්දේරා විසිනි. ඇය විසින් කාන්තාවකගේ වැදගත්කම ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් සැලකිල්ලට ගත යුතු බවත් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හේතු කොටගෙන කාන්තාව විවිධ වූ ප‍්‍රචණ්ඩත්වයත්වයන්ට මුහුණපාන බවත් ඇය විසින් ස`දහන් කරන ලදි. ලෝක ජනතාවෙන් අඩකට කිට්ටු සංඛ්‍යයාවක් කාන්තාවන් වුවද ජාත්‍යන්තර මට්ටමින් පාර්ලිමේන්තුවේ කාන්තා ප‍්‍රතිශතය 20% ක් වැනි සුළු ප‍්‍රමාණයකි. ශ‍්‍රී ලංකාවේ එම අගය 5% ටත් වඩා අඩු ප‍්‍රමාණයකි. ලොවේ සිටින මිලියන 27 ක් සරණා ගතයින්ගෙන් 80% ක්ම කාන්තාවන් හා ළමුන්ය. සාගින්නෙන් හා අධ්‍යාපන දුර්වලතාවයන්ගෙන්ද ලොව බොහෝ කාන්තාවන් පීඩා වි`දිති. (ලොව සාක්ෂරතාවයෙන් තොර බිලියනක ජනගහනයෙන් තුනෙන් දෙකක්ම කාන්තාවන්ය.* එමෙන්ම ලොව කිසිම ආකාරයකින් ආදායම් නොමැති ජනගහනයෙන් 70%ක්ම කාන්තාවන්ය. සෑම රටකම ජනගහනයෙන් 52% ට වඩා වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් වුවද මෙම දත්තයන් වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.
තවදුරටත් ඇය විසින් විෂම ලිංගික කාන්තාවන්ද ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හේතුකොටගෙන ප‍්‍රචණ්ඩත්වයට ලක්වන අතර සමලිංගික හා ද්විලිංගික කාන්තාවන් ගැන කථා කිරීමේදි එය වඩා දරුණු වන බවත් ඔවුන්ගේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික නැඹුරුතාවය පදනම් කරගෙන ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට ලක්වන සම්භාවිතාව ඉතා ඉහළ අගයක් ගන්නා බවත් ප‍්‍රකාශ කරන ලදි.
කාන්තා දිනය නිමිති කොට ගෙන ඊක්වුල් ග‍්‍රවුන්ඞ් ආයතනය විසින් එළි දක්වන ලද පෝස්ටර් හා දැන්වීම් ලංකාවේ ප‍්‍රසිද්ධ පුවත්පත් වල පළ කරන ලදි. 
කාන්තා දින සැමරුම අවසන් වුවද ඊක්වුල් ග‍්‍රවුන්ඞ් ආයතනය සැමදා සියලුම ලිංගික නැඹුරුතාවයන් සහ ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය පිළිබ`දව අනන්‍යතාවයන්ගෙන් යුත් කාන්තාවන්ගේ සෑම අයිතිවාසිකමක් වෙනුවෙන්ම පෙනී සිටීමට සැදි පැහැදි සිටි.

 

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s